Herbal plants

හිසකෙස් ගැලවීයාම චර්ම රෝග සුව කරන නිදිකුම්බා ශාකයේ ගුණ 10 ක්

මේ මහ පොළවේ අපිට ප්‍රයෝජනයට ගත හැකි ඖෂධ පැලෑටි දහස් ගණන් පවතිනවා.නමුත් මිනිසා දිනෙන් දින රෝගවලට ගොදුරුවීමේ නම් අඩුවක් නැහැ. මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් තමයි සුලභව අපිට දකින්න තියෙන හමුවන පැලෑටියක ඇති ඖෂධීය ගුණයන් පිළිබඳව හරි හැටි අවබෝධයක් නොතිබීම. ඇතැම් අය අවබෝධයක් තිබුණත් ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම නිසා වටිනා ඖෂධ පැළෑටිවලින් අපිට ලබාගත හැකි ප්‍රයෝජන අපි ගන්නට උත්සාහ කරන්නේ නැහැ.ඒ  නිසාම කොතරම් ඖෂධ පැලෑටි මේ මිහිපිට තිබුණත් අපි දිනපතාම විවිධ රෝගාබාධවලට ගොදුරු වෙනවා.

ඉතින් රෝග රාශියකටම ගුණදෙන නමුත් බොහෝදෙනා වැඩි සැලකිල්ලක් නොදක්වන ශාකයක් තමයි නිදිකුම්බා කියන්නේ. ශාක ලෝකයේ නිදි කුමාරි විදියටත් මේ ශාකය පිළිබඳව බොහෝදෙනා දන්නවා. නමුත් මේ ශාකය ඔබේ ගෙවත්තේ තිබුණත් ඔබ නිරන්තරයෙන් දැක තිබුණත් මේ  ශාකය සතු අති විශාල ඖෂධීය ගුණයන් පිළිබඳව නම් ඔබ දන්නේ නැතුව ඇති. ඇතැම් අවස්ථාවලදී කරදකාරී පැලෑටියක් ලෙසට බොහෝ අය උදලු ගා දමනවා. ඉතින් ඒ නිසාම ඔබට මේ වටිනා ඔසු පැලෑටිය පිළිබඳව කියන්නට ඕන කියලා සිතුවා. 

නිදිකුම්බා ශාකය පොළවට සමාන්තරව වර්ධනය වන වැල් ශාකයක්. මේ ශාකයේ පත්‍ර ස්පර්ශයට ඉතාමත් සංවේදීයි. ස්පර්ශ කළ විට නිදියන නිදිකුම්බා වැහි බින්දුවලට එසේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. පර්යේෂණවලින් අනාවරණය වී ඇති ආකාරයට නිදිකුම්බා වැහි බිදු තමන්ට අනතුරුදායක නොවන බව තේරුම් ගැනීම නිසා එසේ ප්‍රතිචාර දක්වන බව පැවසෙනවා. ඉතින් සියුම් ස්පර්ශයකදී පවා සංකීර්ණ ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් ක්ෂණිකව පත්‍ර හැකිළීම මේ පැලෑටියේ විශේෂ ලක්ෂණයක්.

අව්ව තදින් වැටෙන ස්ථානවල වැවෙන මේ නිදිකුම්බා ශාකය රෝස පැහැ කුඩා මලක් පිපෙන කටු සහිත පැලෑටියක්. වාර්ෂික පැලෑටියක් වන මෙහි කඳ ඍජු රත් පැහැයකින් සමන්විතයි. කඳ සෙන්ටිමීටර් 2.5-5 දක්වා උසින් යුක්තයි. පත්‍ර සම පක්ෂ සංයුක්ත පත්‍ර ලෙසයි පවතින්නේ.මේවා කඳ කෙළවර ගොනු වී කිරීටයක් මෙන් විහිදී පවතිනවා.ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැකි මේ නිදිකුම්බා ශාකය Fabaceae කුලයට අයත් ශාකයක්.ඵලය බූව සහිත කරලක් වන අතර මේ එක් කරලක් තුළ බීජ 3-4 ප්‍රමාණයක් පිහිටා තියෙනවා.

මේ නිදුකුම්බා ශාකය හීන් නිදුකුම්බා හා ගස් නිදුකුම්බා යන නම්වලින් ද  හඳුන්වනු ලබනවා. ඒ හැරුණාම පැරණි වෛද්‍ය පොත්පත්වල දඩින්නරු යන නමින් මේ පැලෑටිය හඳුන්වා තියෙනවා.සංස්කෘත බසින් ලජ්ජාලු, ශම්පත්‍රා  සමංගා,වරාහා,ක්‍රාන්තා,ජල කර්ණිකා ,රක්තපාදී නමස්කාරී ඛදිරිකා ,ජයපුෂ් ආදී නම්වලින් ද හඳුන්වනවා.

ඖෂධීය වටිනාකම-ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාක අතර නිදුකුම්බා පැලෑටිය ඉතා විශේෂයි. ඈත අතීතයේ සිටම විවිධ ඖෂධ සඳහා මේ ගස් නිදුකුම්බා හෙවත් හීං නිදිකුම්බා පැලෑටිය භාවිතා කර තියෙනවා. මෙය රසයෙන් කටුක හා තිත්ත වන ගුණයෙන් ලඝු හා රුක්ෂ වන වීර්යයෙන් උෂ්ණ වන විපාකයෙන් කටුක නසන ගුණයන්ගෙන් සමන්විතයි. 

භාවිතා කළ හැකි ආකාර -සාමාන්‍යයෙන් විවිධ රෝග සඳහා මේ ගස් නිදිකුම්බා සම්පූර්ණ පැලෑටියම ගනු ලබනවා. නිදිකුම්බා කොළ වියළා ගෙන හොඳින් කුඩු කර තේ හැන්දක් හෝ භාගයක් කිරි සමඟ මිශ්‍රකර කෑමෙන් සෑම රෝගයටම ගුණදායකයි. ඒ හැරුණාම නිදිකුම්බා කොළ වියළා කුඩු කර උණුවතුරින් තම්බා තේ ලෙසට පානය කිරීමත් සුදුසුයි. ඒ හැරුණාම නිදිකුම්බා දළු ව්‍යංජනයක් ලෙස රසවත්ව පිළියෙල කර ආහාරයක් ලෙසටත් ලබා ගන්නට පුළුවන්. 

නිදිකුම්බා සතු ඖෂධීය ගුණයන් 

තුවාල සුව කරයි -කල්ගත වූ තුවාල වගේම අලුත කැපුණු ලේ ගලන තුවාලවල මතුපිට නිදුකුම්බා ශාකය තලා ඒ යුෂ ආලේප කිරීමෙන් රුධිරය ගැලීම නතර වී ඉක්මනින් තුවාලය සුව කරයි.

චර්ම රෝගවලට ගුණදායකයි -සම්පූර්ණ නිදිකුම්බා ශාකයම ගෙන තම්බා ඒ ජලයෙන් සේදීමෙන් සමේ ඇතිවන සියලුම රෝග තත්ත්වයන් සමනය කරගත හැකියි.

මුඛාශ්‍රිත රෝග සුව කරයි -දත් දිරාපත්වීම, දත් කැක්කුම, විදුරුමස් දියවීම, මුඛයේ ඇතිවන තුවාල ආදී ආසාදන සඳහා නිදිකුම්බා මුල් කෂායෙන් කට සේදීම ගුණදායකයි.

ලේ අතීසාරය සඳහා -මේ සඳහා නිදිකුම්බා ගසේ මුල් හොඳින් සෝදා වියළා කුඩු කර කුඩු තේ හැදි ½ ක් වතුර වීදුරුවකට දමා පානය කිරීම ගුණදායකයි.

  • දියවැඩියාවට ගුණදෙයි 
  • ඇදුම සුව කරයි 
  • සුදු කබර සුව කරයි 
  • ආතරයිටීස් සඳහා ගුණදායකයි 
  • ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන භගන්ධරා රෝගයට ගුණදායකයි 
  • මුත්‍රාශයේ ගල් හා මුත්‍ර ආසාදන සුව කරයි 
  • ගර්භාෂයේ රෝග සඳහා ගුණදායකයි 
  • හිසකෙස් ගැලවී යාම වළක්වයි 
  • මානසික අවපීඩනය දුරු කරයි 
  • පිළිකාවන්ට ප්‍රතිවිරෝධීතාවයක් දක්වයි  
  • අර්ශස් රෝගයට ගුණදායකයි 
  • නිදිකුම්බා මුල් ස්වල්පයක් වතුර පත 4 ක් දමා සිදුවා පෙරා පානය ඒ සඳහා සුදුසුයි.
  • මුත්‍රා  දැවිල්ලට ගුණදායකයි 
  • ස්ත්‍රී  රෝග බොහොමයකට ගුණදායකයි 

විශේෂයෙන්ම ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයක් සඳහා නිදිකුම්බා ශාකය ඉතා ගුණදායකයි. මේ ශාකය තැම්බූ ජලයෙන් සේදීමෙන් එවැනි රෝග සමනය කරගන්නට පුළුවන්.

සමේ ආසාදනවලට සුවදායකයි -දද කුෂ්ට ආදියටත් සමේ විෂබීජ නිසා ඇතිවන කැසීම් තත්ත්වයන්ටත් නිදිකුම්බා කොළ හා මල් තැම්බූ වතුරෙන් සේදීම ගුණදායකයි.

  • ඉදිමුම් සුව කරයි 
  • ලාදුරු සඳහා ගුණදායකයි 
  • ළදරු අතීසාරය සුව කරයි 
  • ගොනොරියා සඳහා ගුණදායකයි 

මේ සඳහා හීන් නිදිකුම්බා (ගස් නිදිකුම්බා ) මුල් කෂාය යොදාගනු ලබනවා. 

  • කැඩුම් බිදුම් සඳහා ගුණදායකයි 
  • පැස වූ ලේ ගෙඩි පිපිරවීමට 
  • හොඳින් මුත්‍රා  පිටවීම සඳහා සුදුසුයි 
  • පීනසට ගුණදෙයි

හීන් නිදිකුම්බා කැපූ විට ගලන ශ්‍රාවය නස්‍ය කිරීම ඉතා ගුණදායකයි 

  • අධික රුධිර පීඩනයට ගුණදෙයි 

නිදිකුම්බා සම්පූර්ණ ශාකයම වියළා කෂාය කර බීම යහපත්.

  • පොළොං විෂට 
  • සර්පයන් දමනයට 

සැලකිය යුතුයි -නිදිකුම්බා ශාකය ඖෂයක් ලෙසට හෝ ආහාරයක් ලෙසට භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්නට කටයුතු කරන්න. අප අවට පරිසරයේ දකින්නට ලැබෙන නිදිකුම්බා ශාකය සතු ඖෂධීය ගුණයන් ඉතා ඉහළ නිසාවෙන් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ විවිධ කශාය සකස් කිරීම්වලදී හා ප්‍රතිකාර සඳහා මේ ශාකය භාවිතයට ගනු ලබනවා.