අක්මාව යනු අපගේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කෘත්‍යයන් කිහිපයක් ම ඉටු කරන සමට පසු සිරුරේ ඇති විශාලතම අවයවයයි. එනම් අක්මාව මගින් ඉටු කරන ප්‍රධාන කාර්යයන් කිහිපයක් හඳුනාගත හැකිය.
- රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම.
- ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීම.ආදී වූ නොයෙක් ශරීර කෘත්‍යයන් අක්මාව මගින් ඉටු කොට දෙනු ලබයි.
වර්තමානය වන විට වකුගඩු රෝගයෙන් පීඩා විඳින රෝගීන් මෙන්ම අක්මා රෝග වලින් පීඩා විඳින රෝගීන් බොහෝ දෙනකු හඳුනා ගත හැකිය.අක්මා රෝග ඇතිවීමට නොයෙක් හේතු කාරණා බලපානු ලබන අතර රෝගය මුල් වකවානුවේ හඳුනා ගැනීමෙන් ඊට සුදුසු ප්‍රතිකාර ලබාගත හැකිය. එමෙන්ම රෝගය හඳුනා නොගෙන දරුණු තත්ත්වයට පත්වීමෙන් එම රෝගියා මිය යා හැකිය. එම නිසා කුමන හෝ රෝගයක් කල්යාමට ප්‍රථමව හදුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එමෙන්ම අක්මා රෝග ඇතිවීමට ප්‍රථමව එසේ අක්මා රෝග ඇතිවීමට බලපාන හේතු මොනවාද යන්න පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. එනම් ඒ සඳහා හේතු රාශියක් බලපානු ලැබේ.

- නිරන්තරයෙන් ලබාගන්නා පැරසිටමෝල් හා වෙනත් රෝග වලට ලබා ගන්නා ඖෂධ නිතර නිතර පානය කිරීම.
- ඇල් කොහොල් භාවිතය වැඩි වීම
- අක්මාවේ මේදය නිසා ඇතිවන රෝග (NAFLD)මෙම රෝගය ඇතිවීමට දියවැඩියාව කොලෙස්ටරෝල් තරබාරුව ආදී හේතූන් ද බලපානු ලබයි.
- හෙපටයිටිස් A,B,C,E නැමති රෝග වැළදීම මගින් අක්මාවට හානි සිදුවේ.
- රුධිර වහනය සිදුවීම,රුධිර පීඩනය අවම වීම, කම්පනයට පත් වීම ආදී හේතු නිසා අක්මා රෝග ඇතිවිය හැකිය.
- ක්ෂය රෝගයට දිගු කාලයක් පුරාවට ඖෂධ භාවිතා කිරීම.
- මීට අමතරව පහත රෝග නිසාද අක්මාව රෝගී විය හැකිය.
- මී උණ රෝගය, ඩෙංගු, විසප්පු ,සිරෝසිස් , පිළිකා රෝග නිසාද අක්මාව රෝගී විය හැකිය.
- මේ ආදී හේතූන් අක්මාව රෝගී වීමට බලපානු ලබන හේතු ලෙස හදුනාගෙන තිබේ.
අක්මාව රෝගී වූ විට ඇතිවිය හැකි රෝග ලක්ෂණ.

01.මානසික ව්‍යාකූලත්වය සහ අප්‍රාණික බව-අක්මා රෝගයක් ඇති බවට හෙළිකරන පලමු රෝග ලක්ෂණය මෙය ලෙස හඳුනාගත හැකිය. එනම් අක්මාව රෝගී වූ විට එහි ක්‍රියාකාරිත්වය අඩපණවේ. එවිට ශරීරයේ විෂ පිට කිරිම නිසියාකාරව සිදු නොවේ. එම නිසා ශරීර අප්‍රාණිකබව, තෙහෙට්ටුව, මහන්සිය ආදී ශරීර සංකූලතා ඇතිවනු ලැබේ. මේ සමඟම වෙනත් රෝග තත්ත්වයන් වුවද ඇතිවිය හැකිය. පාචනය, වමනය වැනි රෝගයන්ද ඒ සමඟම ඇති විය හැකිය. මෙමගින් මතකයට,අවධානයට, නින්දට බලපෑම් ඇතිකරන බැවින් එසේ රෝග සංකූලතා ඇති වන්නේ නම් ඉක්මන් ප්‍රතිකාර කළ යුතුය. නොමැතිනම් මානසික ව්‍යාකූලතාවයක් වුවද ඇති විය හැකිබව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
02.ආහාර අරුචිය ඇතිවීම.බොහෝ විට නොයෙක් රෝග තත්ත්වයන් නිසා ආහාර අරුචිය ඇතිවේ. ඊට අමතරවඅක්මාව රෝගී වූ විටද ආහාර අරුචිය ඇතිවේ. ආහාර අරුචියට අමතරව ඔක්කාරය ,වමනය ආදී රෝග ලක්ෂණ ද ඇතිවන අතර මේ හේතු නිසා එම රෝගියාගේ බරද පහත බැසිය හැකිය. එමෙන්ම අක්මාවේ රෝග ඇති විට කුස පිරුණු බවක් දැනීම තවත් විශේෂ රෝග ලක්ෂණයකි. එනම් ඊට හේතුව සිරුරෙන් පිට කරන ලෙප්ටීන් හෝමෝන ප්‍රමාණය එකතුවී ඉහළ යාමයි. එනම් රෝගී වූ අක්මාවක් ඇති පුද්ගලයන්ගේ ලෙප්ටීන් හෝමෝනය ඉහළ මට්ටමක් පවතී. එම නිසා ආහාර අරුචිය ඇතිවිය හැකිය. මේ නිසා ආහාර අරුචිය හා අනෙකුත් රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු මුණගැසීම අතිශයින් වැදගත්වේ.
03.ශරීරය කහ පැහැ ගැන්වීම අක්මාව රෝගයක් ඇති විටක ඇස්, සම, නියපොතු කහ පැහැහැයක් ගනී. එනම් මෙම රෝග ලක්ෂණය මගින් හෙළිවන්නේ එම පුද්ගලයාට අක්මා රෝගය වැළඳී එය සිරෝසීස් තත්ත්වයට පත්ව ඇති බවයි. මෙවැනි අවස්ථාවක ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් යෝග්‍යවේ.
4.රුධිරය කැටි ගැසීම සහ අධි කොලෙස්රෝල් මෙම රෝග ලක්ෂණය වෙනත් රෝග තත්ත්වයන් නිසාද ඇතිවිය හැකිය. එමෙන්ම මෙය අක්මාව රෝගී වූ විටද ඇතිවිය හැකිය. එනම් සිරෝසිස් හෝ වෙනත් අක්මා රෝග නිසා වුවද රුධිරය කැටි ගැසීම හා අධි කොලෙස්ටරෝල් ඇතිවිය හැකිය. එමනිසා මෙම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු මුණගැසීම වඩාත් සුදුසුය..
05.සමෙහි ඇතිවන සංවේදීතාවය.අක්මාව රෝගී වූ විටක සම කැසීමෙන් සම මත කැළැල් ඇතිවිය හැකිය. එනම් මීට හේතුව වන්නේ සම යට ඉදමුමට පත්ව තිබීමයි. ඊට අමතරව සම රතු පැහැ වීම ආදී සම මත ඇතිවන රෝග තත්ත්වයන් ද අක්මාව රෝගී වීමෙන් ඇති වන රෝග ලක්ෂණයන් ලෙස හඳුනා ගත හැකිය.
06.පාද හා යටි බඩ ඉදිමීම.අක්මාව රෝගී වූ විට පාද හා යටි බඩට පහළ කොටස ඉදමුමට පත්වේ. මීට හේතුව අක්මාව අක්‍රිය වී ඊට අදාළ ඉන්ද්‍රිය වල දියර එකතු වීමයි.මේ නිසා මේ ආකාරයට ශරීර අවයව ඉදමුමට පත්වේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
උදරයේ දකුණු පැත්තේ ඉහල කෙලවර අවට වේදනාවක් ඇති වීමමූණ හා කන් දෙපැත්තෙහි ඇති පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමට ලක්වීම හා එමගින් මුහුණ විශාල වී රවුම්වේ. බොහෝ විට මෙම රෝග ලක්ෂණය පෙන්නුම් කරන්නේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිතා කරන පිරිමි පුද්ගලයන් තුළය.මේ ආදී වූ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.