Health

වකුගඩු ගල් ඇති වීම පාලනය කරන කරවිල

තිත්ත රසයෙන් යුතු වුවත් ඖෂධීය ගුණයෙන් අනූන කරවිල යනු මිනිස් සිරුරේ නොයෙක් රෝග සමනය කිරීම සඳහා ආහාරයට එකතු කර ගත යුතුම එළවළු වලින් එකකි. එනම් Memordia charantia උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කරවිලවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර විටමින් ඒ, ඊ, තන්තු , ප්‍රෝටීන්, පෝලේට්, සින්ක්,කොපර්,මේදය මැග්නීසියම්,  කැල්සියම් ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් කරවිල වල අඩංගුවේ.

මේ ආදී වූ බොහෝ ගුණයන් කරවිල වල අඩංගු වන නිසාම අදවන විට බොහෝ රටවල් කරවිල භාවිතා කොට ඖෂධ නිෂ්පාදනය කිරීමද සිදුකරනු ලැබේ. බොහෝ  ගෘහණියන් කරවිල තිත්ත රසයෙන් යුතු වුවද විවිධාකාරව සකස් කර ආහාරයට එක්කර ගනී.  එනම් කරවිල ව්‍යංජනයක් ලෙස සලාදයක් ලෙස මැල්ලුමක් ලෙස හා වර්තමානය වන විට ඖෂධීය පානයක් ලෙස ද භාවිතා කරනු ලබයි.මේ ආදී වශයෙන් ගුණ දෙන කරවිල වල ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.

  • තුඹ කරවිල
  • බටු කරවිල
  • මැලේසියන් කරවිල
  • හෙළ කරවිල ආදී වශයෙන් වර්ග කිහිපයක් හඳුනාගත හැකිය.

කරවිල වල ඖෂධීය භාවිතය

පිළිකා ඇතිවීම වළක්වයි.මාරාන්තික රෝගයක් වන පිළිකා රෝගය අද වන විට වයස් භේදයකින් තොරව බාල මහළු සෑම සියලු දෙනාටම වැළඳී තිබේ. පිළිකා රෝගය ඇතිවීම වැළැක්වීමට මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කිරීමට සුදුසු වන ආහාරයක් ලෙස කරවිල හැඳින්විය හැකිය. එනම් පිළිකා රෝගීන් වැඩි වශයෙන් කරවිල ආහාරයට එකතු කර ගැනීමෙන් පිළිකා සෛල ඇතිවීම පාලනය කරගත හැකිය. එනම් කරවිල පමණක් නොව කරවිල ඇට ආහාරයට ගැනීමද ගුණදායකය. එනම් විශේෂයෙන් පියයුරු පිළිකා ඇතිවීම වළක්වාගත හැකි බව කරන ලද පරීක්ෂණ වලින්ද තහවුරු වී තිබේ.

ශරීරයේ විෂ නසයි.මධ්‍යසාර වර්ග, විවිධ ඖෂධ වර්ග, කෘතිම රසකාරක මිශ්‍ර ආහාර භාවිතා කිරීම හෝ සර්ප විෂ වැනි විෂ වර්ග ශරීරය තුළ තැන්පත් වී ඇත්නම් එවැනි අවස්ථාවක එම විෂ ඉවත් කිරීමට කරවිල ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. එනම් කරවිල ආහාරයට ගැනීමෙන් හෝ කරවිල යුෂ පානය කිරීමෙන් ශරීරයේ එසේ එක් රැස් වු විෂ නාශනය කිරීම සිදුකරනු ලැබේ.  මේ නිසා එවැනි රෝග තත්ත්වයන් සමනය කිරීමටද භාවිතා කළ හැකි කරවිල ගුණදායක එළවළුවකි.

චර්ම රෝග සමනය කරයි.කරවිල ආහාරයට එකතු කර ගැනීමෙන් දද කුෂ්ට තුවාල … ආදී චර්ම රෝග ඉක්මනින් සුව කරගත හැකිය. ඊට අමතරව දියවැඩියාව නිසා ඇති වූ තුවාලයද කරවිල ආහාරයට ගැනීමෙන් සුව කරගත හැකිය.

රුධිරය පිරිසිදු කරයි.රුධිරය අපිරිසිදු වීමෙන් ශරීරයේ නොයෙක් රෝග තත්ත්වයන් ඇතිවේ. එසේ රුධිරය අපිරිසිදු වූ විටෙක එම රුධිරය පිරිසුදු කරගැනීමට කරවිල මදක් තම්බා හෝ කරවිල යුෂ පානය කිරීම සුදුසුය. එනම් එමගින් කරවිල වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ මගින් රුධිරයේ පවතින අපද්‍රව්‍ය ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම සිදු කරනු ලැබේ. මේ නිසා එවැනි රෝගීන්ට කරවිල ආහාරයට ගැනීම ගුණදායකය.

දියවැඩියාව ඇතිවීම පාලනය කරයි.බෝ නොවන රෝග අතර බෝවන රෝග වලටත් වඩා සීග්‍රයෙන් ව්‍යාප්තව යන දියවැඩියා රෝගය පාලනය කර ගැනීම සඳහා  ආහාරයට ගත යුතුම එළවළුවක් ලෙස කරවිල හැඳින්විය හැකිය. එනම් කරවිල ව්‍යාංජනයක්, සලාදයක් , ලෙස හෝ කරවිල යුෂ පානය කිරීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කරගත හැකිය නමුත් වැඩි වශයෙන් කරවිල භාවිතා කරන විට කෘතිම බෙහෙත් භාවිතා කිරීම නොකළ යුතුය. එනම් එමගින් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය. මේ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් පසුව කරවිල ආහාරයට ගැනීම එම රෝගියාගේ සෞඛ්‍යයට වඩාත් හිතකරය

මලබද්ධය ඇතිවීම පාලනය කරයි.බොහෝ දෙනෙකුට පවතින බඩ වේලීමේ තත්ත්වය හෙවත් මළපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා ආහාරයට එක්කර ගැනීමට සුදුසු එළවළුවක් ලෙස කරවිල හැඳින්විය හැකිය. එනම් කරවිල  ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු මගින් ආහාර හොඳින් ජීර්ණය කර මලබද්දය ඇතිවීම පාලනය කරයි.

Constipation Home Remedies: Unlikely foods that prevent constipation

ශරීර වේදනාවන් සමනය කරයි.කරවිල ව්‍යංජනයක් ලෙස සලාදයක් ලෙස හෝ කරවිල යුෂ පානය කිරීම මගින් ශරීරයේ ඇතිවන නොයෙකුත් වේදනාවන්  සමනය කරගත හැකිය.

ආහාර අරුචිය දුරු කර ආහාර රුචිය වැඩි කරයි.කරවිල ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම කරවිල වල අඩංගු රසායනික සංයෝග ආහාර අරුචිය දුරුකර ආහාර රුචිය වැඩි දියුණු කරයි මෙලෙස ආහාර අරුචිය ඇති අවස්ථාවක ව්‍යංජනයක් හෝ කරවිල යුෂ ස්වල්පයක් පානය කිරීම ගුණදායකය.

  • අර්ශස් රෝගය සමනය කිරීමට
  • අහිතකර කොලෙස්ට්‍රොල් පාලනය කිරීමට
  • සම පැහැපත් කිරීමට
  • වකුගඩු වල ගල් ඇති වීම පාලනය කිරීමට
  • සෙම් රෝග සමනයට
  • පැපොල,සරම්ප, වසූරිය,  රෝග සමනය කිරීමට
  • කරවිල යනු ඖෂධීය ගුණයෙන් යුතු එළවළුවකි.
  • කෙසේ නමුදු කරවිල  ශරීරයට නුසුදුසු අවස්ථාද තිබේ.

දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් ඖෂධ වර්ග භාවිතා කරන අතර තුර කරවිල ආහාරයට ගැනීම නුසුදුසුය. එනම් එමගින් සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසිය හැකිය.ගර්භණී මව්වරුන්ට ,කිරි දෙන මව්වරුන්ට නුසුදුසුය. එනම් කරවිල වල අඩංගු රසායනික සංයෝග රුධිර ගමනාගමනය වැඩි කිරීම සිදුකරයි. මේ නිසා එවැනි අවස්ථාවක කරවිල ආහාරයට නොගත යුතුය.මේ ආදී වශයෙන් කරවිල සුදුසු අවස්ථාවන්වල ආහාරයට ගැනීමෙන් නොයෙක් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.