Health

දියවැඩියා රෝගීන්ට ගුණදෙන ආහාර පාන 50 ක්

නිදන්ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින පීඩාකාරී රෝග තත්ත්වයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැකිය. එනම් දියවැඩියාව ඇතිවන්නේ ශරීරයේ නිපදවන ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය අවමවීම නිසා හෝ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයට ප්‍රතිරෝධයක් ඇති වීම හේතුකොටගෙනය. 

එනම් ඉන්සියුලින් යනු අග්න්‍යාශය මගින් ශ්‍රාවය කරන හෝමෝනයක් වන අතර ඉන් රුධිරගත ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම සිදුකරනු ලැබේ. එනම් අප ගනු ලබන විවිධ වර්ගයේ ආහාර සීනි පිටි මිශ්‍ර ආහාර වැඩි වශයෙන් නිතර නිතර ආහාරයට ගන්නා විට අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය වැඩිවේ. මෙසේ නිතර නිතර එවැනි ආහාර භාවිතා කිරීමෙන් අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම ක්‍රියාත්මක වී අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකිය. එමෙන්ම එමගින් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වී ග්ලූකෝස් මට්ටම ඉහළ ගොස් රුධිර ගත සීනි මට්ටමට වැඩිවී දියවැඩියා රෝගී තත්ත්වය ඇතිවේ.

දියවැඩියා රෝගය පාලනය කර ගැනීමට ඖෂධ පමණක් භාවිතා කිරීම ප්‍රමාණවත් නොවේ. එනම් ඖෂධ වලට වඩා අප භාවිතා කළ යුත්තේ එම රෝග පාලනය කිරීමට උපකාරී වන ආහාර වර්ගයන්ය. එනම් දියවැඩියාව පාලනය කිරීම සඳහා සුදුසු එළවළු වර්ග, පලතුරු වර්ග, පලාවර්ග, ධාන්‍ය වර්ග ,පාන වර්ග, කුලුබඩු වර්ග ඒ අතර ප්‍රධානවේ. එනම් දියවැඩියා රෝගියෙකු එම රෝගය පාලනය කිරීමට හේතුවන මෙම ආහාර පිළිබඳව දැනුවත් විය යුතුය. එවැනි ආහාර මොනවාද.

  • දියවැඩියා රෝගය පාලනය කිරීමට භාවිතා කළ හැකි එළවළු වර්ග.
  • පතෝල
  • වැටකොළු
  • වම්බටු
  • සෝයා බෝංචි
  • කරවිල
  • බණ්ඩක්කා
  • දඹල
  • කෙසෙල්මුව
  • පොළොස්
  • හතු වර්ග
  • වට්ටක්කා
  • කැකිරි
  • තුඹ කරවිල
  • රතු තම්පලා
  • පුහුල්
  • තක්කාලි
  • ලූණු කොළ
  • මුරුංගා
  • ගෝවා මල් ඒ අතර භාවිතා කළ හැකි ගුණදායක එළවළු වර්ග කිහිපයකි.
  • දියවැඩියා රෝගීන් භාවිතා කළ යුතු පලතුරු වර්ග.
  • මාදං
  • කොමඩු
  • රඹුටන්
  • කිරිල්ල
  • දිවුල්
  • බෙලි
  • උගුරැස්ස
  • අන්නාසි
  • ඇබරැල්ලා
  • නස්නාරං
  • දොඩම්
  • වෙරළු එනම් තන්තු බහුල සීනි අවම පලතුරු ගුණදායකය.

දියවැඩියා රෝගීන්ට සුදුසු පලා වර්ග.මඩු දළු, වාතභංග කොළ, කොහිල දළු ,තුඹ දළු, සලාද කොළ ,නිවිති ,වට්ටක්කා දළු ,තෝර කොළ ,පෙනල කොළ, තෙඹු කොළ, කිරි අගුණ කොල, සාරණ, එරබදු කොළ, රණවරා, කංකුං ,කතුරුමුරුංගා , කොත්තමල්ලි, වැල්දොඩම් කොළ ,ජපන් බටු දළු, කරකොල, කළුකම්බේරියා, මුගුණුවැන්න, මැල්ල කොල.
ඒ අතර ප්‍රධානවේ.

දියවැඩියා රෝගීන්ට සුදුසු කුලුබඩු වර්ග.

  • සුදුලූනු
  • කොත්තමල්ලි
  • කුරුඳු
  • සූදුරු
  • මාදුරු
  • කළුදුරු
  • කරපිංචා
  • උලුහාල් ආදී කුළුබඩු වර්ග දියවැඩියාව පාලනය කිරීමට බෙහෙවින් ඉවහල්වේ.

දියවැඩියා රෝගීන්ට සුදුසු ධාන්‍ය වර්ග.

  • මුං ඇට
  • තල
  • මෙනේරි
  • බඩඉරිඟු
  • කුරක්කන්
  • කුරුට්ට සහිත නිවුඩු සහල්, දේශීය සහල් රත්හැල් ,හීනටි, සුවඳැල්.. ආදී සහල් වර්ග භාවිතයද ගුණදායක බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

දියවැඩියා රෝගීන්ට සුදුසු අල වර්ග.නෙළුම් අල, හුලංකීරිය අල ,ඉන්නල, කිරි අල, බතල, රාජ අල භාවිතය සුදුසු වන අතර මඤ්ඤොක්කා, අර්තාපල්, කොස් ,දෙල් සතියකට හෝ සති දෙකකට වරක් ආහාරයට ගැනීම සුදුසු වන අතර නිතිපතා ආහාරයට ගැනීම සුදුසු නොවේ.

දියවැඩියා රෝගීන්ට සුදුසු පාන වර්ග

කොත්තමල්ලි වෙනිවැල්ගැටත් හැමදාම හොඳ නෑ - Aruna
  • රණවරා මල් පානය
  • බෙලිමල් පානය
  • කරවිල යුෂ පානය
  • දොඩම් පානය
  • නස්නාරං පානය
  • ඉරමුසු පානය
  • කොතල හිබුටු පානය
  • උලුහාල් පානය
  • කොත්තමල්ලි පානය
  • කොමඩු පානය

මේ ආදී වශයෙන් දියවැඩියා රෝගියෙකු තම ආහාර වට්ටෝරුවට එකතු කර ගත යුතු ආහාර වර්ග බොහොමයකි.