ආතතිය නිසා මෙන්ම දැඩි ශාරිරික පීඩාවන් මෙන්ම අධික වෙහෙසකරබව නිසා රාත්‍රියේදි නින්ද නොයාම බොහෝ දෙනෙකු මුහුණ දෙන තත්වයක් වී ඇත. නමුත්, නින්ද යනු සිරුරට අත්‍යවශ්‍යම විවේකයකි. හොඳ නින්දක් නොලැබීම අහිතකර සෞඛ්‍ය පීඩාවන් රැසකට අතවනයි. සුවබර නින්දක් ලබාගැනිමට නම් ඒ සඳහා සුදුසු පරිසරයක් ඇති කරගැනීමත් ඉතා වැදගත් වේ.

ඔබේ නිදන කාමරය සිසිල් , අඳුරු සහ නිශ්ශබ්ද වටපිටාවක් ඇතිකරගැනීම සුදුසුය. අද දවසේ ඔබට කියාදෙන මේ උපක්‍රමය අනුගමනය කිරීමෙන් ඔබට තත්පර 120 ඇතුලත සුවපහසු සැනසිලිදායක නින්දකට පත්වීමට හැකියාව ලැබේවි! සති 6 වැනි කාලයක් පරික්ෂා කර බැලීමෙන් මෙම ක්‍රමය 96% සාර්ථක බව ඔප්පු වී තිබෙන බව සඳහන් වෙනවා. මෙය 1981 වසරේ ප්‍රකාශිත ‘Relax and win: Championship Performance’ නම් ග්‍රන්ථයේ පැහැදිලි කෙරෙන උපක්‍රමයකි.
මෙය ඇත්තටම සාර්ථක ද කියලා ඔබටම අත්හදා බලන්න පුලුවන්. ඒ සඳහා ඔබ අනුගමනය කල යුතු පියවර මොනවාද කියා අපි බලමු!
- පියවර 1

දිව, හණු ප්‍රදේශය සහ ඇස් වටා පේශීන් ඇතුලු මුහුණේ සියලු මාංශ පේශීන් ලිහිල් කරන්න.
- පියවර 2

උරහිස් හැකිතාක් පහළ දමන්න. එක් අතක ඉහළ බාහුව සහ යටි බාහුව ලිහිල් කර පසුව ක්‍රමයෙන් අනෙක් අතේද එසේ සිදුකරන්න.
- පියවර 3

හුස්ම පිටකරමින් පපු ප්‍රදේශය ලිහිල් කරන්න. ඉන් පසුව කලවා සිට පතුල් තෙක් ඔබේ පාද ලිහිල් කරවන්න.
- පියවර 4

සිරුර ලිහිල් වි මනස සැහැල්ලු වූ පසු තත්පර 10 කින් සිරුර නින්දට සූදානම්ව පවතියි. ග්‍රන්ථයේ රචකයා වන ලොයිඩ් බඩ් වින්ටර් විසින් යෝජනා කරන්නේ මෙම පින්තූර 3 ක් එකක් මවාගැනීම සිදුකල යුතු බවයි. එමඟින් මනස සන්සුන් වීමට ඉඩ නොදෙන කලබලකාරි සිතිවිලි දුරු කරවන බව ඔහුගේ අදහසයි.

පින්තූරය 1: ‘ පැහැදිලි නිල් අහස යට ජලාශයක් මැද නිසසල ජලය මත නවතා ඇති ඔරුවක වැතිරී සිටින අයුරු’

පින්තූරය 2: ‘එල්ලෙන ඇඳක වැතිරී සිටින අයුරු ‘
පින්තූරය 3: “සිතන්න එපා! සිතන්න එපා! සිතන්න එපා!” යනුවෙන් තත්පර 10 ක් පමණ තමන්ටම කියාගන්නා අයුරු

දිගු කාලිනව පවතින නින්ද ආශ්‍රිත ගැටලු වලින් වැඩි පීඩාවක් එල්ල වන්නේ ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියටය. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, මතකය ආශ්‍රිත ගැටලු හටගැනීම, අධි රුධිර පීඩනය, බර වැඩිවීම, ආතතිය ආදි වෙනත් සෘණාත්මක බලපෑම් ද හටගත හැකිය. එබැවින් දිනපතා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක නින්දක් ලැබීම ඉතා වැදගත් වේ. මෙම උපක්‍රමය ඔබට ඉක්මනින් වගේම වැඩි කාලයක් නිදාගැනීමට උපකාර කරයි. මෙය ඇමෙරිකාවේ නාවික හමුදාවේ සෙබලුන් හට ඉගැන්වෙන උපක්‍රමයක් ද වේ.