Health

ආතරයිටිස් සුව කරන ආයුර්වේද පිළියම් 10 ක්

මිනිසාගේ සන්ධි ආශ්‍රිතව ඇති වන්නාවූ රෝගී තත්ත්වයක් ලෙස ආතරයිටිස් රෝගය හැඳින්විය හැකිය. වර්තමානයේ වෛද්‍ය විද්‍යාවට අනුව ආතරයිටිස් රෝග වර්ග දෙසීයකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. ප්‍රධාන වශයෙන් සන්ධි ආශ්‍රිතව ඇති වන්නා වූ රෝගයක් වුවත් ඇතැම්විට ස්නායු ආශ්‍රිතව ඇති වන දුර්වලතාවයන් ද ආතරයිටිස් රෝගය ඇතිවීම සදහා බලපානු ලැබේ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මෙම රෝගී තත්ත්වය සඳහා එන්නත් විදීම සිදුකරන අතර එය පසු කාලීනව අතුරු ආබාධ ඇති කරවන ප්‍රතිකර්මයක්වේ. එනමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ භාවිතාවන විවිධ බෙහෙත් ක්‍රම මෙම රෝගය සඳහා තරමක සාර්ථක ප්‍රතිඵල අත් කර දී තිබේ.

ආතරයිටීස් රෝගී තත්ත්වය ඇති වීම සඳහා හේතු රාශියක් බලපානු ලැබේ.

This image has an empty alt attribute; its file name is atha.jpg
  • ව්‍යායාමවලින් තොර වීම
  • පෝෂණීය සමබර ආහාර වේලක් නොගැනීම
  • කුළු බඩු හා රසකාරක අධික ආහාර පරිභෝජනය
  • අධික සීතල සහ උණුසුම සහිත ආහාර පාන පරිභෝජනය
  • පමනට වඩා ව්‍යායාමයන්ගේ නිරතවීම
  • මානසික ආතතිය
  • සන්ධි තරල වල ආම්ලිකතාවය වැඩි වීම ආදී හේතු කාරණා ආතරයිටිස් රෝගය ඇතිවීම සඳහා බලපානු ලැබේ.

එමෙන්ම ආතරයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ශරීර අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් ද රෝග ලක්ෂණ මතු වනු ලැබේ. ඒ අතර

  • පාද වලින් ඇතිවන අධික වේදනාව
  • කොඳු ඇට වලින් සහ ස්නායුවලින් වේදනාවක් ඇතිවීම
  • සන්ධි ඉදිමීම
  • සන්ධිවල තද බවක් ඇතිවීම
  • අත් හා පාදවල ඇඟිලි වේදනා ගෙන දීම
  • පාද වල හැඩය වෙනස් වීම
  • ආදී රෝග ලක්ෂණ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් තුළින් හඳුනාගත හැකිය.

මෙම රෝගයෙන් අත්මිදීම සඳහා සිරුරේ අධික බර පාලනය කර ගැනීම, නිවැරදි ව්‍යායාම් වල ප්‍රමාණයකට නිරත වීම, පෝෂනීය ආහාර වේල් ලබා ගැනීම, යෝග ව්‍යායාම වල නිරත වීම, ජලය වැඩිපුර පානය කිරීම ආදි ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙම රෝගය සුවපත් කරගත හැකිය.

ආතරයිටිස් රෝගය සදහා සිදුකළ හැකි ප්‍රතිකර්ම

  • ළපටි බණ්ඩක්කා කරල් ගෙන සිහින්ව කපා රැයක් ජලයේ පෙඟෙන්නට හැර එම ජලය පානය කිරීම යෝග්‍යවේ.
  • අබ තෙල් හා පොල් තෙල් මිශ්‍ර කර වේදනා ගෙන දෙන සන්ධි සහිත ස්ථානවල ආලේප කිරීම යෝග්‍යවේ.
  • කොළ පැහැයෙන් යුක්ත එළවළු හා පළතුරු පරිභෝජනය කිරීම
  • නෙල්ලි යුෂ වලට මී පැණි එක්කර පානය කිරීම ද යෝග්‍යවේ.
  • සුදුලූනු සුප්, මුරුංගා සුප් හා කැරට් යුෂ පානය කිරීම
  • කුරුදු කුඩු මේස හැන්දකට මී පැණි මිශ්‍රකර මාස තුනක් පමණ භාවිත කිරීම
  • ලෙමන් යුෂ වේදනා ගෙන දෙන ස්ථානවල ආලේප කිරීම ආදී ප්‍රතිකර්ම වල නිරතවීමෙන් ආතරයිටීස් රෝගයෙන් සුවපත් භාවයක් ලබා ගත හැකිය.
  • අබ තෙල් කෝප්ප එකක් ගෙන ඊට කපුරු ග්‍රෑම් දහයක් මිශ්‍රකර හොඳින් දියවන තෙක් තෙල් ටික රත් කරගෙන එහි රස්නෙ ගතිය ඉවත් වූ පසු වේදනා ගෙන දෙන සන්ධි ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කිරීම යෝග්‍යවේ.
  • උලුහාල්, කහ කුඩු සහ ඉඟුරු ග්‍රෑම් 50 බැගින් ගෙන හොඳින් මිශ්‍රකර වාතය නිරෝධනය කළ බෝතලයක අසුරා ඉන් තේ හැන්ද බැගින් දිනපතා උණුවතුර වීදුරුවකට මිශ්‍රකර පානය කිරීම වඩාත් සුදුසුවේ.
  • මුං ඇට මේස හැදි තුනක් ජලය මිලි ලීටර් 250 කට මිශ්‍රකර රැයක් පෙඟෙන්නට හැර තබා පසුදින අංකුර සහිත මුං ඇට බේරාගෙන ඊට සුදුළූණු බික් දෙකක් අඹරා මිශ්‍ර කරගෙන ලුණු හා ගම්මිරිස් යොදා උදේ සවස ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ.

ආතරයිටිස් රෝගය වියපත් වීමත් සමග ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස ප්‍රචලිත වුවත් වර්තමානයේ දී වයස් භේදයකින් තොරව මෙම රෝගී තත්ත්වය හටගෙන තිබේ. එනමුත් ඉහත සඳහන් කළ පරිදි නිවැරදි ව්‍යායාම් වල නිරත වෙමින් ශරීරයට හිතකර අන්දමින් ආහාර පාන පරිභෝජනය කරන අයවලුන් තුළ මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාව අඩු බවක් දැක ගත හැකිය.