Health

හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රථම හඳුනාගත හැකි රෝග ලක්ෂණ 8 ක්

ශරීරයෙහි මධ්‍ය රේඛාවෙන් වම්පසට ඇලව පෙනහළු දෙක අතර වම් පෙනහැල්ලට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇති හෘදය යනු මිනිස් සිරුරේ පැවැත්මට අවශ්‍ය කෘත්‍යන් අතර ප්‍රධාන කෘත්‍යයන් ඉටු කරනු ලබන තවත් එක් ප්‍රධාන අවයවයකි. එනම් හෘදය පුද්ගලයෙකුගේ දකුණු අත මිට මෙලවූ විට ලැබෙන ප්‍රමාණයට සමාන වන බව වෛද්‍ය මතයයි. එනම් වැඩුණු පුද්ගලයකුගේ හෘදය ග්‍රෑම් 300 ක් බව සදහන්වේ.

එනම් මුළු ශරීරයටම අවශ්‍ය රුධිරය සපයා දෙනු ලබන්නේ හෘදය මගිනි. එහිදී ඔක්සිජන් වායුව හා අප ගනු ලබන ආහාර වල පෝෂක කොටස්ද රුධිරය මගින් පරිවහනය කිරීම සිදු කරනු ලැබේ. මේ නිසා යම් හෙයකින් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වූවහොත් එය එම පුද්ගලයාගේ මුළු ශරීරයටම බලපානු ලැබේ.

අනෙකුත් අවයව ආශ්‍රිතව මෙන්ම හෘදය මූලික කරගෙන ද නොයෙකුත් රෝග තත්වයන් ඇති වේ. එනම් හෘදය මූලික කොටගෙන ඇතිවන රෝගයක් ලෙස හෘදයාබාධ හැඳින්විය හැකිය. මෙම රෝගය ඇතිවීමට හේතු රාශියක් බලපානු ලබන අතර ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදු නොවීම මත හෘදයේ පීඩනය වැඩි වී ඒ හේතුවෙන් හෘදයේ මාංශ පේශි තුවාල වීමයි. එනම් එසේ ඇතිවන පීඩනය මත හෘදයේ මාංශ පේශි වැඩි වශයෙන් තුවාල වුවහොත් එම පුද්ගලයාගේ මරණය වුව ද සිදුවිය හැකිය. එසේ නොවී සුළු තුවාල ඇති වුවහොත් රෝගියා යථා තත්ත්වයට පත් වීමට සති 08 ක පමණ කාලයක් ගතවේ.මේ නිසා හෘද රෝගයක් ඇති වීමට ප්‍රථමව ශරීරයේ ඇතිවන රෝග ලක්ෂණ හඳුනා ගැනීම වඩාත් වැදගත්වේ.

හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රථමව ශරීරයේ ඇතිවන රෝග ලක්ෂණ.

පපුවේ වම් පැත්තෙ අධික වේදනාවක් ඇතිවීම.හෘදයාබාධයක් ඇති වීමට පෙර පපුවේ වම් පැත්තෙහි අධික වේදනාවක් ඇතිවේ. එනම් පහල හක්ක, උරහිස ,බෙල්ල බඩවැල් සමග පපුවේ වේදනාව ඇතිවීම මෙහිදී සිදුවේ. මෙවැනි රෝග ලක්ෂණයක් ඇති වන්නේ හෘදයාබාධයක් ඇති වීමේ පෙර නිමිත්තක් ලෙසය. මේ නිසා මෙම රෝග ලක්ෂණය ඇත්නම් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

හිසකෙස් ගැලවී යාම.ඕනෑම පුද්ගලයෙකුගේ හිස කෙස් සාමාන්‍ය ලෙස ගැලවී යාම සිදු වුව ද අසාමාන්‍ය ලෙස හිස කෙස් ගැලවී යන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් මෙය ද හෘදයාබාධයක් ඇතිවිය හැකි බවට හෙළි කරන රෝග ලක්ෂණයකි.

උදරයේ ඇතිවන අධික වේදනාව.හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රථමව පෙර පහළවන තවත් රෝග ලක්ෂණයක් ලෙස මෙම රෝග ලක්ෂණය හැඳින්විය හැකිය. එනම් උදරය ආශ්‍රිත වේදනාවන් වෙනත් රෝග නිසා ද ඇතිවිය හැකිය. නමුදු මෙම රෝගය සුව නොවී දිගින් දිගටම පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය.

නින්ද නොයෑම.මානසික ආතතිය හෝ වෙනත් රෝගයක් හේතුවෙන් නින්ද නොයෑම ඇති විය හැකිය. නමුත් නින්ද නොයෑම හෘද රෝගයක් ඇති විය හැකි බවට හෙළි කරන තවත් එක් රෝග ලක්ෂණයකි. නින්ද නොයෑමට අමතරව උදෑසනින් අවදි වීම ද හෘද රෝග ඇති වීමට පෙර දැකගත හැකි තවත් රෝග ලක්ෂණයකි. මේ නිසා හේතුවක් නොමැතිව නින්ද නොයෑම සහ හේතුවක් නොමැතිව උදෑසන අවදි වන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

හෘදයේ ඇතිවන අසාමාන්‍ය ස්පන්දනය.හෘද රෝගයක් ඇති වීමට මත්තෙන් හෘදයේ අසාමාන්‍ය ගැස්මක් ඇති වනු ලැබේ. එනම් විනාඩි එකක් දෙකක් කාලය අතර හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වැඩි වෙන්නේ නම් එමෙන්ම ඒ සමඟම මහන්සිය ඇතිවන්නේ නම් එය හෘද රෝග ඇති විය හැකි බවට ඉඟි කරන රෝග ලක්ෂණයකි. මේ නිසා එවැනි රෝග තත්ත්වයන් ඇත්නම් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

දහඩිය දැමීම.දේශගුණ විපර්යාස නිසා හෝ වෙනත් හේතු කාරණාවක් නොමැතිව අධික ලෙස දහඩිය දමන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.එනම් හේතුවක් නොමැතිව අධික ලෙස දහඩිය පිටවීම හෘදයාබාධයක් ඇතිවීමට පෙර ශරීරයේ දැකගත හැකි තවත් එක් රෝග ලක්ෂණයකි.

මහන්සියක් දැනීම.ඕනෑම පුද්ගලයෙකුට එදිනෙදා වැඩ කටයුතුවල නිරත වූ පසු මහන්සිය තෙහෙට්ටුව ඇතිවේ නමුදු කිසිදු කාර්යයක නිරත නොවී මහන්සිය තෙහෙට්ටුව ඇතිවන්නේ නම් එය හෘදයාබාධයක් ඇතිවීමට කල්තියා ඉඟි කරන රෝග ලක්ෂණයක් විය හැකිය. මේ නිසා නිතර ඇතිවන මහන්සිය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම.හුස්ම ගන්නා විට හිසරදයත් සමග සාමාන්‍ය පරිදි හුස්ම ගැනීමට අපහසුවක් දැනීම හෘදයාබාධයක් ඇතිවිය හැකි බවට හෙලිකරන තවත් ලක්ෂණයකි. මේ නිසා හුස්ම හිරවීමේ අපහසුතාවක් ඇත්නම්. වෛද්‍යවරයකු මුණ ගැසී ප්‍රතිකාර ලබා ගත යුතුය.

මේ ආදි වූ රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් එය බොහෝ විට හෘදයාබාධයක් ඇතිවීමට පෙර පහළ වන රෝග ලක්ෂණ විය හැකිය. මේ නිසා එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් වැදගත්වේ.