Food

සිරුරට විෂ ඇතුළු කරන ඔබේ වැරදි ආහාර පුරුදු 11 ක්

සංකීර්ණ ජීවන රටාවකට හුරු වූ අපට අපි ගන්නා ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව ගැන සිතන්නටවත් අවකාශ නැහැ.එදිනෙදාජීවීතයේ කාර්යබහුලභාවය එයට ප්‍රධාන හේතුවක්.නමුත් දැනට පවතින බලවත් සෞඛ්‍යා තර්ජනයක් ව ඇත්තේ ලොව වසරකට මියයන ප්‍රමාණයෙන් බොහෝ මරණවලට හේතුව අප ගන්නා ආහාර වීමයි.ආහාර අපවිත්‍රවීමට හේතු  සහ එයින් ඇතිවන් සෞඛ්‍ය තර්ජන ගැන බොහෝ අයගේ නොදැනුවත් බව එයට හේතුවේ. මෙය ඉතාමත් කණගාටුදායක කාරණයක් වන අතර මෙතුළින් වසරකට මිය යන ප්‍රමාණය අධික වීමට පටන් ගෙන තිබේ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම හා  කෘතිම ආහාර පරිභෝජන රටාවන්ට මිනිසා යොමු වී තිබීම මෙයට මූලීකම හේතුව වී තිබේ.අහාර විෂවීමෙන් තොරව සෞඛ්‍යාරක්ෂිතව තම ආහාර තෝරා ගැනීම සහ ඒවා සෞඛ්‍යාරක්ෂිතව පිළියෙළ කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රම වේද මොනවාද යන්නත්  විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.  

වර්තමානය වන විට නූතන තාක්ෂණික ක්‍රම ශිල්පයන්ගේ දියුණුව නිසා හෝ නැතිනම් එම ශිල්ප ක්‍රමයන් තුළ ඇති පරිහානීය ලක්ෂණයන් හේතුවෙන් බහුල වශයෙන් ආහාර විෂ වීම් හා දූෂණය වීම් සිදු වේ.ප්‍රධාන වශයෙන් ආහාර අපවිත්‍ර වන අවස්ථා බොහෝ ය.ආහාර ද්‍රවය හසුරවන විට හෝ ,පිසින විට, බැක්ටීරියා, වෛරස්,  ක්ෂුද්‍ර  ජීවීන් හා පරපෝශිතයන් වැනි රෝගකාරක ජීවීන් මගින් ආහාර අපවිත්‍ර වේ.රෝගකාරක පරපෝෂිතයන් විසින් නිපදවන විෂ ද්‍රව්‍යයන් ද ආහාර අපවිත්‍රතාවයට හේතු වේ.එමෙන්ම ආහාර පිළියෙල කිරීමේ දී ලෝහ භාජන තුළ පිසීම තුළින්ද,  වගාවන්ට යොදන කෘමිනාශක නිසාද මෙම අහාර විෂවීම් සිදු වේ.කෘතිම අහාර නිෂ්පාදනය කිරීමේ දී නිෂ්පාදකයන් විසින් ඒවා කල් තබා ගැනීම සඳහා භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යයන් ද, ඇතැම් පිරිසිදු කිරීමේ සංයෝග ද මෙම තත්ත්වයන් සඳහා බලපානු ලබයි.මාලු කල් තබා ගැනීම සඳහා ෆෝමලින් භාවිතය, නුසුදුසු වර්ණක එක් කිරීම, සැකරින් වැනි රසකාරක එක් කිරීම්, කහ කුඩු හා මිරිස් කුඩු අදියට වෙනත් ආදේශක මිශ්‍ර කිරීම් අප දන්නා කාරණා වේ.ආහාර අපවිත්‍ර  වන ආකාර අනුව කාණ්ඩ හතරක් හඳුනා ගත හැකිය.

  • ජෛව දූෂණය- බැක්ටීරියා හෝ වෙනත් හානිකර ක්ෂුද්‍ර  ජීවීන් මගින් වන අපවිත්‍ර  වීම.
  • රසායනිකදූෂණයඑළවළුවල හෝ පලතුරුවල ඇති පළිබෝධනාශක,මුළුතැන්ගෙය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ,ආරක්ෂිත නොවන ප්ලාස්ටික් වලින්  සාදන ලද ආහාර බඳුන් මගින් මෙම අපවිත්‍රතාවය සිදු වේ.
  • භෞතික දූෂණය භෞතික දෑ ආහාරයට එකතු වීමෙන් වන දූෂණය.හිසකෙස්, වීදුරු හෝ ලෝහ,මීයන් කැරපොත්තන් වැනි පළිබෝධනාශකයන්, දිගට වැවූ නියපොතු ,ව්‍යාජ  නියපොතු ආහාරයට එකතුවීමෙන් වන අපවිත්‍ර වීම.
  • හානිකර හෝ අපිරිසිදු ඕනෑම ද්‍රව්‍යයක්  එක් ද්‍රව්‍යයකින් හෝ වස්තුවකින් ආහාරයකට නොදැනුවත්වම පැතිරීමෙන් වන ක්‍රියාවලියකි.අපිරිසිදු මුළුතැන්ගෙයි ඇදුම්,අපිරිසිදු උපකරණ,අමු ආහාර ගබඩා කිරිම මගින් ආහාර දූෂණය සිදු වේ.
27+ Vegetable Pictures | Download Free Images & Stock Photos on Unsplash

එළවලු හා  පලතුරු තෝරා ගැනීම හා පිස ගැනීම-එළවළු හා පලතුරු වෙළදපොලෙන් ගැනීමට වඩා ඔබගේ ගෙවත්තෙන් සපයා ගැනීමට හැකි නම් එය සියයට සියයක්ම සෞඛ්‍යාරක්ෂිත වේ.වෙළදපොලෙන් අහාර මිලදී ගැනීමේ දී නැවුම් එළවළු හා පලතුරු පමණක් මිලදි ගැනීමට වගබලා ගත යුතුය. එමෙන්ම එළවළු හා පලතුරු පිසීමට හා  අමුවෙන් අහාරයට ගැනීමට පෙර ඉතා හොදින් පිරිසිදු ජලයෙන් කිහිපවරක් සේදීම කළ යුතුය.එහිදී ලුණු කුඩු ස්වල්පයක්, කහ කුඩු ස්වල්පයක් හෝ විනාකිරි බින්දු කිහිපයක් ජලයට දමා සේදීම කළ හැකි නම් වඩා සුදුසු වේ.මේ ද්‍රව්‍ය  මිශ්‍ර ජලයෙන් සේදීම තුළින් එළවළු හා පලතුරුවල ඇති විෂ පහසුවෙන් ඉවත් කර ගැනීමේ හැකියාව පවතී. සෑම විටම  සෑම එළවළු හා පලතුරක්ම පිට පොත්ත හොදින් ඉවත් කර අහාරයට ගැනීමට ද ඔබ වග බලා ගත යුතුය.  

නැවුම් මස් වර්ග තෝරා ගත යුතු ආකාරය-මස් වර්ග තෝරා ගැනීමේදී එය දීප්තිමත් රතු හෝ රෝස පැහැයෙන් යුතු මස් පමණක් තෝරා ගත් යුතු වේ. එමෙන්ම ඇල්ලූ විට ලිස්සන සුළු හෝ සෙවල වැනි ද්‍රව්‍ය ඇති මස්  පරිභෝජනය සඳහා සුදුසු නොවේ. දිගු කාලයක් ශීතකරණයේ තැබූ මස් වර්ගයන් ද අහාරයට සුදුසු නොවන අතර මස් මිලදී ගැනීමේදී නිෂ්පාදන දිනය හා කල් ඉකුත් වීමේ දිනය හොදින් පරීකෂා කර බැලීම අවශ්‍ය වේ.නිෂ්පාදන දිනය හා කල් ඉකුත්වීමේ දිනය අතර  ඉතා කෙටි කාල පරාසයක් ඇති  නම් එය පරිභෝජනයට ගත හැකිය.කුකුල් මස් ආහාරයට ගැනීම සුදුසු නොමැති අතර එයට හේතුව වන්නේ කුකුළන් සඳහා දෙනු ලබන විෂ අධික හෝමෝනය මිනිස් සිරුරේ සංකූලතා හා පිළිකා ඇතිවීමට මගපාදන නිසාය.කුමන හෝ මස් වර්ගයක් පිසීමේදී එය නියමිත උෂ්ණත්වයක් යටතේ නියමිත වේලාවක් පිස ගැනීම කළ යුතුය.

මාළු වර්ග තෝරා ගැනීම-මාළු වර්ග තෝරා ගැනීමේදී මාළුවාගේ බාහිර ලක්ෂණ දෙස බැලීමෙන් පහසුවෙන් අළුත් මාළු තෝරා ගැනිමේ හැකියාව තිබේ.මාළුවාගේ ඇස් බොඳවී නොමැති දීප්තිමත් ඇස් ඇති මාළුන් ආහාරයට සුදුසු වේ.ඇස්වලට අමතරව සම දීප්තිමත්භාවයෙන් යුක්ත විය යුතු අතර කරමලය ඉතා හොඳ රත් පැහැයෙන් තිබීම හොද නැවුම් මාළුවකුගේ ලක්ෂණයන් ය.මීට අමතරව මාළුවාගේ ශරීරයට ඇගිල්ලෙන් එබූ විට ඉතා තද ගතියකින් යුක්ත විය යුතු අතර  ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් විය යුතුය. 

1,036,233 Milk Stock Photos, Pictures & Royalty-Free Images - iStock

කිරි පරිභෝජනය-කිරි ඉතාමත් ඉක්මනින් නරක් විමේ සම්භාවිතාවයක් ඇති ආහාරයකි.කිරි මිලදී ගැනීමේදී  නිෂ්පාදිත  දිනය හා කල් ඉකුත්වීම්මේ දිනය හොඳින් පරීක්ෂා කළ යුතුය.එමෙන්ම පාස්චීකරණය කරන ලද කිරි හා යෝගට් ආදිය මිලදී ගැනීමට පෙර ශීතකරණයක ගබඩා කර තිබී ඇත්දැයි යන්න කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු වේ. ජීවානුහරණය කරන ලද කිරි විවෘත කළ විගස ශීතකරණයක තැබිය යුතුය. මුදවන ලද කිරි ආහාරයට ගැනිමට පෙර එහි කලු පැහැති පුස් හෝ මතුපිට කොටස කහ පැහැයට හැරී ඇත්නම් (එළකිරි හැර)  එය ආහාරයට නොගත යුතුය. එවැනි කිරි හට්ටියක් මතට දෙහි ඇඹුල් හෝ ලුණු වතුර දැමීමේදී එහි ඇති කුඩා පනුවන් ඔබට දැකගත හැකි වේ. කිරි පරිභොජන්යේ දී ඔබ නැවුම් කිරි පමණක් භාවිත කළ යුත්තේ මෙම කරුණු කාරණා නිසාය. 

බිත්තර ආහාරයට ගැනීම-බිත්තර ආහාරයට ගැනීමට පෙර නරක් වූ බිත්තර දැයි සොයා බැලිය යුතුය.එය  සඳහා වතුර භාජනයකට බිත්තර දැමිය යුතු අතර බිත්තර උඩ මතුවේ නම් ඒවා නරක් වූ බිත්තර වේ. බිත්තර ආහාරයට ගැනීමට පෙර හොදින් සෝදා කුකුළු අසූචී ආදිය ඉවත් කරගත යුතු වේ. බිත්තර විවෘත කිරීමේදී පැහැයෙහි වෙනසක් ඇත්නම් හෝ දුර්ගන්ධයක් හමන්නේ නම් එවැනි බිත්තර ආහාරය සඳහා සුදුසු නොවේ.බිත්තර හොදින් තම්බා හෝ හොදින් බැද ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. අමුවෙන් හෝ බාගෙට තම්බන ලද බිත්තරවලින් විවිධ රෝගාබාධයන් වැළඳීමේ ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන් ‘සෙල්මොනෙල්ලා’ නම් අහිතකර රෝග කාරකය ශරීරය තුළට ඇතුළුවීමට බොහෝ ඉඩකඩ මෙම බිත්තර තුළ පවතී. 

1,385 Pre Packaged Food Illustrations & Clip Art - iStock

ඇසුරුම් කළ ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය-ටින් කරන ලද හෝ පැකට් කරන ලද අහාර වර්ග මිලදී ගැනීමේ දී විශේෂ අවධානයක් ඒ කෙරෙහි  යොමු කළ යුතු ය.ටින් ආහාර ගැනීමේදී නොතැළුනු,මල නොබැදුනු, පිම්බීමකට ලක් නොවූ දෑ පමණක් පරිභෝජනයට ගත යුතුය. පැකට් කරන ලද ආහාර ලබා ගැනීමේදී  දී එය සිදුරු වී අත්දැයි බැලීම අනිවාර්ය වේ. මන්දයත් එවැනි ද්‍රව්‍ය සිදුරු වී තිබීම තුළින් එය තුළට අහිතකර බැක්ටීරියා හෝ විෂබීජ ඇතුළු වීමට හැකියාව පවතී. මෙම කරුණු කෙරෙහි අවධානයක් යොමු කරනවා සේම කල් ඉකුත්වීමේ දිනය හා නිෂ්පාදිත දිනය කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. 

පිරිසැකසුම් කළ ආහාරවලට එකතු කරනු ලබන් ආහාර කල් තබාගැනීමේ ද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වර්ණකාරක, රසකාරක, සුවඳකාරක ආහාර ඇසුරුමේ සඳහන් කර ඇත්දැයි මෙන්ම ඒ සඳහා අනුමත e අංකය සඳහන් ද යන්න සොයා බැලිය යුතු වේ. 

නිවැරදිව ආහාර පිසීමේ ක්‍රමවේදය

  • ආහාර පිසීම සඳහා මැටි භාජන පමණක් භාවිත කිරීම.
  • ආහාර පිසීමට පෙර භාජන සෝදා ඉතා හොඳින් වියළා ගැනීම. 
  • විවිධ වර්ගයේ ආහාර පිසීම සඳහා වෙනම උපකරණ භාවිතා කිරීම.එකම් කැපුම් පුවරුව හා පිහිය භාවිතා කිරීමෙන් වැළකීම. 
  • මස් මාලු කැපීමට ගන්නා ලද පිහි නැවත වරක් හොදින් සබන් යොදා සේදීමෙන් පසුව එළවළු කැපීම සඳහා යොදා ගත යුතු ය.
  • ආරක්ෂිත, පිරිසිදු ජලය හා අමුද්‍රව්‍ය භාවිතා කිරීම.
  • ආහාර පිසීමට පෙර මෙන්ම ආහාර අනුභව කිරීමට පෙර අත් සබන් ගා පිරිසිදු කිරීම.
  • පිසූ ආහාර සහ අමු ආහාර වෙන වෙනම ගබඩා කිරීම.අමු ආහාර යුෂවල (මස්,කුකුළු මස්, මුහුදු ආහාර) බොහෝ විට හානිකර ක්ෂුද්‍ර  ජීවීන් අඩංගු බැවින් මේවා සකස් කිරීමේ දී  මෙන්ම ගබඩා කිරීමේ දී වෙනත් ආහාර සමඟ මිශ්‍ර  නොවීමට වග බලා ගත යුතු ය.
  • කුණු කසළ නිවැරදිව බැහැර කිරීම.
  • මස් මාළු ආදිය තුළ හානිකර ක්ෂුද්‍ර  ජීවීන් අන්තර්ගත වන බැවින් ඒවා හොදින් පිස ගැනීම අවශ්‍ය වේ.හොඳින් පිස ගැනීමේ දී එම ක්ෂුද්‍ර  ජීවීන් ඉවත් වන බැවින් සෙන්ටිග්‍රේඩ්  අංශක 70 ක ඉහළ උෂ්ණත්වයේ පිස ගැනීම කළ යුතුය. 
  • පිසගත් ආහාර පැය දෙකක් පමණ ඇතුළත අහාරයට ගත හැකිනම් එය වඩාත් යහපත් වන අතර  ඔබ පිසූ ආහාර ශීතකරණයක තබා නැවත ආහාරයට ගන්නේ නම් නැවත වරක්  හොදින් රත් කර ආහාරයට ගැනීම සුදුසු වේ. 
  • ආහාර ගබඩා කිරීම සඳහා ආරක්ෂිතම ක්‍ර මය වන්නේ සෙල්සියස් අංශක 5ට වඩා අඩු සහ සෙල්සියස් අංශක 60 ට වඩා වැඩි උෂ්ණත්වයක ගබඩා කිරීමයි.එමගින් ක්ෂුද්‍ර  ජීවීන් වර්ධනය මන්දගාමී කිරීම හෝ නතර කිරීම කළ හැකිය.
  • ඕනෑම් කෙනෙකුට ආහාර විෂවිය හැකි අතර අවුරුදු 5 ට වඩා අඩු ළමුන්, ගර්භනී කාන්තාවන්,වැඩිහිටි පුද්ගලයන්,දුර්වල ප්‍රති ශක්තියක් ඇති පුද්ගලයන් ඒ අතර විශේෂ වේ.නමුත් මෙවැනි යහපත් ආහාර පුරුදු ඔබ දිනපතා භාවිත කරන්නේ නම් ආහාර විෂ වීම්වලින් තොර පෝෂ්‍යදායි ආහාර වේලක් ඔබ ශරීරයට ලබා ගත හැකි ය.සෑම එළවළුවක් හා පලතුරක් ම නිවසේ කාබනික පොහොර යොදා සකසා ගත හැකිනම් එය සෑම අතින්ම යහපත් වන්නකි.එමෙන්ම කෘතිම ආහාර භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකි නම් එය ඔබට හා ඔබ දරුවන්ට කරන ලද වැදගත් මෙහෙයකි.
  • ඔබට මස් භාවිතයෙන් තොර අහාර වේලක් ලබාගත හැකි නම් එය ඔබගේ දීර්ඝායුෂ වර්ධනයට හේතු වන බව ඔබ දන්නෙහිද?ඔබ දන්නා කරුණු කාරණාවලට අමතරව වත්මනයේ සිදු කරනු ලැබ ඇති බොහෝ පර්යේෂණ තුළින් පවා හරක් මස් හා කුකුළු මස් තුළ ශරීරයට අහිතකර පිළිකාකාරක ඇති බව සොයාගෙන තිබේ.එමනිසා ඔබ එළවලු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගෙන හරක් මස් හා කුකුළු මස් අනුභවයෙන් වැළකීම ඔබගේ ශරීර සෞඛ්‍යයට මනා ලෙස ඉවහල් වේ. මස් මාංශවලින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඔබට ධාන්‍ය වර්ග අහාරයට ගැනීමෙන් ලබා ගත හැක.
  • මෙවැනි යහපත් සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීම මෙන්ම ඒ පිළිබදව අන්‍යයන්  දැනුවත් කිරීම ඔබ රටට සමාජයට කරන ලද උදාරතර සේවාවක් ද වන්නේය.