Food

අම්ල පිත්තය සුව කරන කිතුල් තලප 

පොල් ගස හැරුණුකොට කප්රුක ලෙස හඳුන්වන ගසක් ඇත්නම් ඒ කිතුල් ගසයි. එනම් කිතුල් ගසෙන් කිතුල් පැණි මෙන්ම කිතුල් පිටිද ලබා ගත හැකිය. එනම් ඖෂධීය ශාකයක් වන කිතුල්  ශීත දේශගුණය ඇති බොහෝ ප්‍රදේශ වල හොඳින් වැඩේ. නමුදු එහි ඖෂධීය ගුණය භාවිතයට ගනු ලබන්නේ බොහොම සුළු පිරිසකි. එහෙත් අතීතයේ නොයෙක් රෝග සමනය කිරීමට කිතුල් පිටි සහ කිතුල් හකුරු  බහුලව භාවිතා කර තිබේ. එනම් බොහෝ විට සීනි වෙනුවට අතීතයේදී රසවත් කිතුල් හකුරු තේ සමඟ ආහාරයට එක් කර ගෙන තිබේ. නමුත් අදවන විට කිතුල් ශාකය සුලභව දැක ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. එනම් කිතුල් ශාකය ප්‍රයෝජනයට නොගන්නා නිසා වඳවීමේ තර්ජනයට භාජනය වී තිබේ. 

අතීතයේ සිටම කිතුල් පිටි ලබා ගනු ලැබුවේ කිතුල් ශාකයේ මැද කොටස එනම් කිතුල්බඩය නමින් හඳුන්වන කොටස කැබලිවලට කපා ගැනීම මගිනි. එනම් කිතුල් පිටි ලබා ගැනීමට එම කැබලි නැවත වංගෙඩියට දමා කොටා ඊට ජලය මුසු කර රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා පසු මදක් නිසලව තබා පිටි  ජලයෙන් යටට බා වුණු පසු එම ජලය ඉවත් කොට පිටි වියලා ගත යුතුය. පසුව එම පිටි මගින් කිතුල් තලප,කැඳ සකස් කර ආහාරයට ගත හැකිය.

එනම් කිතුල් පිටි වල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ප්‍රෝටීන්, පොටෑසියම්, කැල්සියම්, පොස්පරස් ,පිෂ්ඨය ,ඛනිජ ලවණ, මේදය.. ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසාම කිතුල්පිටි ආහාරයට ගැනීම මගින් බොහෝ ලෙඩ රෝග සුව කර ගත හැකිය. 

  • කිතුල් පිටි වලට අමතරව කිතුල් පැණි ,රා, තෙලිජ්ජ, හකුරු,ද කිතුල් ශාකයේ නිශ්පාදනයන්ය. 
  • කිතුල් පිටි භාවිතයේ ඖෂධීය ගුණ 
  • කිතුල් පිටි භාවිතා කිරීමෙන් කිතුල් තලප , කිතුල් කැද සකස්කරගත හැකිය. 

කිතුල් තලප  සකස් කරගන්නා ආකාරය.

  1. කිතුල් පිටි ග්‍රෑම් 500 
  2. සීනි ග්‍රෑම් 250 ක් 
  3. වතුර කෝප්ප භාගයක් 
  4. පොල් කිරි කෝප්ප දෙකක් 
  5. කැබලි කරගත් හකුරු 
  6. ලුණු ස්වල්පයක්. 

බඳුනකට කිතුල් පිටි, සීනි, ජලය ,පොල්කිරි, හකුරු සහ පදමට ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර මදගින්නේ තබා හැඳි ගා ගන්න. තලපයක් ලෙසට පැමිණි පසු තැටියක දමා තුනී කර කැබලි වලට කපා ආහාරයට ගත හැකිය. මෙමගින් බොහෝ රෝග සුව කර ගත හැකිය. 

ආහාර රුචිය වර්ධනය කරයි.කිතුල් මගින් සකස් කරන කැඳ හෝ තලප ආහාරයට ගැනීම මගින් ආහාර රුචිය වර්ධනය කරගත හැකිය. එනම් කිතුල් වල අඩංගු තන්තු මගින් ආහාර ජීර්ණය පහසු කර ආහාර උත්තේජනයක් ලෙස කටයුතු කරයි. බොහෝ විට ගැබිනි මව්වරුන්ට කෑම රුචිය වර්ධනය කරගැනීමට කිතුල් කැඳ හෝ කිතුල් තලප ගුණදායකය. 

ශරීරය සිසිල් කරයි.කිතුල් කැඳ හෝ කිතුල් පිටි තලප ආහාරයට ගැනීම මගින් උෂ්ණාධික බව දුරුකර ශරීරය සිසිල් කර ගත හැකිය. නමුත් ස්වසන පද්ධතිය ආශ්‍රිත ඇදුම කැස්ස වැනි රෝග තත්ත්වයන් ඇති පුද්ගලයින් දිනපතා කිතුල් ආහාරයට ගැනීම සුදුසු නොවේ. 

රක්ත හීනතාවය සමනය කරයි.කිතුල් තලප හෝ කිතුල් කැඳ සකස් කර ආහාරයට ගන්නේ නම් එමගින් රක්තහීනතාවය සමනය කරගත හැකිය. එනම් මෙහි අඩංගු සිසිල් ගුණය හා යකඩ මගින් රක්තහීනතාවය සමනය කරයි. ශරීර ශක්තිය වර්ධනය කිරීම ද සිදුකරයි. 

සුවබර නින්දක් ලබා දේ.කිතුල් තලප හෝ කිතුල් කැඳ නින්දට යාමට පෙර ආහාරයට ගැනීම මගින් නින්ද නොයෑම වැනි රෝග තත්ත්වයන් සුව කර සුවබර නින්දක් ලබාගත හැකිය. 

අම්ල පිත්ත රෝගය සමනය කරයි.අම්ල පිත්ත රෝගය නිසා ඇතිවන ආම්ලික භාවය අවම කර ගැනීමට මෙන්ම බඩ දැවිල්ල සමනය කර ගැනීම සඳහා කිතුල් පිටි කැඳ සහ කිතුල් තලප ආහාරයට ගැනීම ගුණදායකය. එනම් එමගින් අම්ල පිත්ත රෝගය සමනය කරගත හැකිය. 

දියවැඩියාව පාලනය කරයි. කිතුල් ආහාරයට ගැනීම මගින් දියවැඩියාව පාලනය කරගත හැකිය. එනම් කිතුල් වල අඩංගු තන්තු මගින්  අප ගනු ලබන ආහාර වල සීනි අවශෝෂණය ප්‍රමාද කරයි. මේ නිසා කිතුල් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව පාලනය වීම සිදුවේ. 

අධි රුධිර පීඩනය පාලනය කිරීම ,අර්ශස් රෝග සුව කිරීම,ආමාශගත තුවාල සුව කිරීම සඳහා කිතුල් පිටි මගින් සකස් කරන කිතුල් කැඳ, කිතුල් තලප ගුණදායකය. මීට අමතරව කිතුල් හකුරු, කිතුල් පැණි ද බොහෝ රෝග සුව කිරීම සඳහා යොදාගනී.

  • කැඩුම් බිඳුම් ප්‍රතිකාර වලට
  • ආර්තව දෝෂ වලට
  • අක්මාගත රෝග තත්වයන්ට
  • නීරක්තියට
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සමනයට
  • හෘද රෝගයන්ට
  • අධි රුධිර පීඩනයට 
  • මේ ආදී නොයෙක් රෝග සමනය කිරීමට කිතුල් හකුරු ආහාරයට ගැනීම ගුණදායකවේ. 

කිතුල් වලින් සකස් කර ගත හැකි අත් බෙහෙත් 

  • අර්ශස් හෙවත් රක්ත අර්ශස් රෝගයට කිතුනු ගොබයෙන් සකස් කරන ව්‍යංජනය ගුණදායකය. 
  • සර්ප විෂට කිතුල් මල් හා කිතුල් මුල් යොදා ගනී. 
  • පිස්සු බලු රෝගයට කිතුල් කැඳ සකස් කර පානය කිරීම ගුණදායකය. 

මේ ආදී වශයෙන් නොයෙක් රෝග සමනය කර ගැනීමට කිතුල් පිටි සහ කිතුල් හකුරු බොහෝ සෙයින් ප්‍රයෝජනවත්වේ.