Food

ගුණාත්මක එළවළු පලතුරු තෝරගන්න ක්‍රම 21 ක්

මහා පරිමාණ වගා වලදී පළිබෝධනාශක වැනි කෘෂි රසායනික ද්‍රව්‍ය සහ අකාබනික පොහොර වර්ග විශාල වශයෙන් භාවිතා වෙනවා. ඉතින් වගාවේ ඇති එළවලු සහ පලතුරු වලට මේවායෙන් දැඩි බලපෑමක් ඇතිවන බව ඔබ දැනටමත් දන්නවා ඇති. විශේෂයෙන්ම මේවායේ ගුණාත්මක බව විනාශ වී යාමට තරම් එම රසායනික ද්‍රව්‍ය වල බලපෑම ප්‍රබලයි. අපි පරිභෝජනය කරන බොහෝ ආහාර පාන වල සුරක්ෂිතබව ගැන වර්තමානයේ විශාල ගැටලුවකට අපි මුහුණ දීලා තිබෙනවා කිව්වොත් එය වඩාත් නිවැරදි වේවි. 

වෙළඳපොලේ ඇති සෑම එළවළුවක්ම , පලතුරක්ම සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු වන නිෂ්පාදන නොවේ. ආහාර අවශ්‍යතාව නිසා අපි මිලදී ගන්නා  එළවළු පලතුරු වලින් අපේ සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබේ නම් ඉන් ප්‍රයෝජනයක් නැහැ නේද?

එසේ නම් ගුණාත්මක බවින් යුතු එළවළු පලතුරු ‍තෝරාගන්නේ කොහොමද?

අද අපි ඔබට ඒ සඳහා රහස් කිහිපයක් කියාදෙනවා. ගුණයත් වැඩි, රසයත් වැඩි, ඉහළ ගුණාත්මක බවින් යුතු එළවළු පලතුරු ‍තෝරාගන්නට ඔබට මේ රහස් උපකාර වේවි.

අලිගැට පේර-හොඳින් ඉදුණු අලිගැට පේර ගෙඩියක පොත්ත තද කොළ පැහැතිය, ඇතැම් ඒවා මෙරුන් පැහයක් ගනියි.පොත්ත රළු ස්වභාවයක් ගන්නා අතර කැලැල් හෝ පළුදුවීම් වලින් තොර පැහැදිලි ස්වභාවයක් ගනියි.අල්ලන විට තද ගතියක් නොදැනිය යුතුයි.තද කල විට ගෙඩිය මත කුඩා එබුමක් දැකිය හැකි විය යුතුයි.ඉදී නොමැති අලිගැට පේර ගෙඩි කාමර උෂ්ණත්වයක දින 2 ක් පමණ තිබෙන්නට හරින්න.

වම්බ‍ටු– ඒකාකාරී තද දම් පැහැයක් සහ දිලිසෙන මතුපිටක් සහිතය. පළුදුවීම් හෝ තද/ලා පැහැති පැල්ලම් නොතිබිය යුතුයි. න‍ටුව කොළ පැහැති විය යුතුයි.මෘදු, මධ්‍යම ප්‍රමාණයේ  තරමක් බර ගෙඩි ‍තෝරාගන්න.

පැණි කොමඩු– ඉරි පැහැදිලිව පෙනිය යුතුයි.මුල කහ පැහැති වියළි බවින් යුතු විය යුතු අතර පැළීම්, සීරිම් හෝ ඇතුලට එබී ඇති මතුපිට ලක්ෂණ නොතිබිය යුතුයි.සාමාන්‍ය ප්‍රමාණයේ , තද සහ බර ඇති කොමඩු ගෙඩි ‍තෝරාගන්න. හොඳින් ඉදී ඇති ගෙඩි තද කරන විට පුපුරා යයි.

අන්නාසි– කහ පැහැයට හුරු පොත්තක්, සෑම කො‍ටු කොටසකම ඇති ක‍ටු දුඹුරු පැහැයකින් සහ පත්‍ර ඝනකම් සහ කොළ පැහැයෙන් සමන්විත විය යුතුයි.අන්නාසි ගෙඩිය හොඳ බරකින් යුක්ත විය යුතුයි. යුෂ ගතිය වැඩි පැණි රස පලතුරු සුවඳක් වහනය විය යුතුයි. රතු පැහැති ගෙඩි මිලදී නොගන්න.

පුහුල්– රළු ගතිය, හොඳ බරකින් යුක්තවිම සහ සියුම් පැණි රස සුවඳක් වහනය වි ය යුතුයි.

දෙළුම්-දිප්තිමත් රතු පොත්ත – තැඹිලි පැහයට හුරු දිලිසෙන මතුපිටක් සහිත විය යුතුයි. පොත්ත වඩාත් වියළී ගොස් නොතිබිය යුතු අතර පළුදු වීම් හෝ දුඹුරු කැලැල් දක්නට නොතිබිය යුතුයි.අල්ලන විට තද ගතියක් දැනිය යුතු අතර සුවඳක් නොදැනිය යුතුයි.

අර්තාපල්-සමාන සහ මෘදු පොත්තක් සහිතය. පළුදුවීම්, සිදුරු හෝ කැලැල් රාශියක් නොතිබිය යුතුයි. කොළ පැහැයෙන් නොතිබිය යුතුයි.සැම විටම තද ගතියක් දැනෙන මධ්‍යයම ප්‍රමාණයේ අර්තාපල් අල ‍තෝරාගන්න.

කැකිරි-ඒකාකාරි පැහැයකින් සහ සුමුදු සිහින් පොත්තකින් සමන්විත වියයුතුයි. මතුපිට කැලැල්, එබුම් ලක්ෂණ සහ පැළීම් දක්නට නොතිබිය යුතුයි.සෙ.මි.15-20 වඩා දිගින් වැඩි නැති ‍ කැකිරි තෝරාගන්න.

ලෙමන්/දෙහි-ගැටිති හෝ කුහර නොඉමැති සුමුදු සහ දිලිසෙන මතුපිටක් තිබිය යුතුයි. පැහැය ඒකාකාරි විය යුතුයි. බුබුලු ආකාරයේ ගෙඩි ‍තෝරාගන්න.ගෙඩි වඩාත් තද ගතියක් නොමැති විය යුතුයි. බර වැඩි ඒවායේ යුෂ ගතිය වැඩිය.

පිපිඤ්ඤා-දීප්තිමත් කොළ පැහැය, සිහින් සහ දීප්තියක් නැති පිටපොත්තක් සහිත විය යුතුයි.කඩතොළු වූ සහ ‍රැළි ගැසී ඇති ඒවා ‍තෝරානොගන්න. න‍ටුව දුර්වණ වී ඇත්නම් ඉන් අදහස් වන්නේ ඒවා නැවුම් ගෙඩි නොවන බවයි.

රාබු-තද හෝ කහ පැහැති පුල්ලි නොමැති ඒකාකාරී පැහැයක් සහිත පිටපොත්තක් තිබිය යුතුයි. ස්පර්ෂ කරන විට තද ගතියකින් දැනිය යුතුයි. සමාන හැඩයකින් සම මෘදු පොත්තක් තිබිය යුතුයි. කොළ සහිත රාබු ගෙඩි මිලදි ගන්න. එය රාබු වල නැවුම් බව තහවුරු කරගත හැකි ක්‍රමයකි.

තක්කාලි-දීප්තිමත්, දිලිසෙන , සිහින් පිටපොත්තක් තිබිය යුතුයි. ඒමත කඩතොළු, කැපු , තිත් හෝ ‍රැලි ගැසුණු ලක්ෂණ නොතිබිය යුතුයි. කොළ පැහැති ඒවා ඉදී නොමැති ඒවා වේ.ප්‍රසන්න සුවඳක් දැනිය යුතුයි. තක්කාලි වල පොත්ත අධික ඝනකම් බවින් යුක්ත වේ නම් ඉන් ඒවායේ ඉහළ නයිට්‍රේට් සංයුතියක් අඩංගු බව පෙන්නුම් කරන ලක්ෂණයකි.

වට්ටක්කා-පොත්ත තද ගතියකින් සහ ඒකාකාරි පැහැයක් ගත යුතුයි. කුණු වී ඇති ලක්ෂණ , කඩතොළු හෝ යන්ත්‍ර වලින් සිදුවූ කැපුම් කැලැල් හෝ හානි නොතිබිය යුතුයි.කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි ‍තෝරාගන්න. න‍ටුව වියළී තිබිය යුතුයි. නිලට හුරු කොළ පැහැයක් ගන්නා වට්ටක්කා පැණි රස බවින් වැඩිය.

ඉඳි-ඒකාකාරි තද පැහැයක් ගත යුතු අතර දිලිසෙන මතුපිටක් නොතිබිය යුතුයි. මතුපිට හානි වීම් හෝ පුස් නොතිබිය යුතුයි. වඩාත් ‍රැළි ගැසුණු හෝ හොඳටම වියළී ගොස් ඇති ඉඳි මිලදී නොගන්න.රසායනික ද්‍රව්‍ය නොමැතිව වියළන ලද රට ඉඳි ස්පර්ෂ කරන විට වියළි ගතියක් දැනිය යුතුයි. ස්වභාවික සීනි සංයුතිය නිසා සුලු ඇලෙන සුලු ගතියක් තිබිය හැකියි.

ඇපල්-පෙනුම:ස්වභාවික පෙනුමක් තිබිය යුතුයි. මතුපිට කෘමී හානි හෝ , තද පැල්ලම් හෝ කඩතොළු වැනි හානි නොතිබිය යුතුයි.මධ්‍යම ප්‍රමාණයේ හොඳ සුවඳක් දැනෙන ගෙඩි ‍තෝරාගන්න. ඇපල් පොත්ත තෙල් ගතියකින් සමන්විත වේ නම් ඒවා කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යොදාඇත. 

සුදුලූණු-පෙනුම: සුදුලූණු බිකි වල කොළ පැහැති අංකුර මතුවී හෝ කැලැල් ලක්ෂණ නොතිබිය යුතුයි. හිස කොටස වියළි සහ විශාල බිකි වලින් සමන්විත වියයුතුයි. සුදුලූණු වල පොතු ගතිය වැඩියි නම් සුදුලූණු ගෙඩි තවමත් පැහි නොමැති බව හඳුනාගත හැකියි. 

බිම්මල්-පෙනුම:බිම්මල් හිස සුදු පැහැති සහ මෘදු ස්වභාවයකින් තිබිය යුතුයි. එතරම් දීප්තිමත් නොවන දිලිසෙන මතුපිටක් මෙන්ම තිත් හෝ එබුම් ලක්ෂණ නොතිබිය යුතුයි. හිස සහ දණ්ඩ සම්බන්ධ වන සිවිය පූර්ණ ඒකාකාරී බවකින් තිබිය යුතුයි.තද කල විට ආපසු පෙර තත්වයට පත්වන, අල්ලන විට සවිමත් බවක් දැනෙන බිම්මල් සුවඳ හමන ඒවා ‍තෝරාගන්න. 

ගෝවා-පෙනුම:ඒකාකාරි පැහැයකින් යුතු සිහින් පත්‍ර සහිත විය යුතුයි. තද පැල්ලම් හෝ වියළි කොටස් දක්නට නොතිබිය යුතුයි. පැහුණු ගෝවා වල මිරිකන විට හැඩය වෙනස් නොවේ. ගෝවා කොළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඝනකම් බවින් වැඩියි නම් ඊට හේතුව ඒවායේ නයිට්‍රේට් අධික වීම විය හැකියි.

මල්ගෝවා-පෙනුම:හිස කොටස ඒකාකාරි සුදු හෝ ලා කහ පැහැයක් ගත යුතුයි.දුහුවිලි මඩ නොතැවරි තිබිය යුතු අතර මතුපිට පැල්ලම් දැකිය නොහැකි විය යුතුයි. උඩ කොටස ඝන බවින් වැඩි විය යුතුයි.

මෑ– පෙනුම:තෙතමනය සහිත මතුපිට ස්වභාවයක් ඇති දීප්තිමත් කොළ පැහැති කරල් විය යුතුයි.කරල මැදින් දෙකට නැවීමට උත්සාහ කරන්න. කරල කැඩී නොයයි නම් ඒවා පරණ ඒවා බව හඳුනාගත හැකියි

ලූණු-පෙනුම:මතුපිට කිසිඳු හානියකට ලක් වී නොතිබිය යුතුයි. මතුපිට පොත්ත දීප්තිමත් පැහැයක් ගත යුතුයි. මුල් හෝ කොළ පැහැතු අංකුර නොමැති (පැළ නොවූ) ලූණු ගෙඩි ‍තෝරාගන්න.හොඳ ලූණු ගෙඩි ඝනකම්, වියළි මෙන්ම මිරිකන විට පහසුවෙන් පොඩි වී නොයයි. තරමක  ලූණු සුවඳක් හැමිය යුතුයි.