Food

රට නෙල්ලි වල ගුණ

ඇඹුල් පලතුරු වලට කැමති බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ‍තෝරාගැනීමක් තමයි රට නෙල්ලි (Phyllanthus acidus) කියන්නේ. ඉංග්‍රිසි බසින් star gooseberry  ලෙස හඳුන්වන රට නෙල්ලි ලා කහ පැහැති අපූරු හැඩයකින් යුතු ගස වැහෙන තරමට ගෙඩි පොකුරු වලින් බර වෙන, සාමාන්‍යයෙන් මීටර් 2 සිට 9 දක්වා (අඩි 6½ සිට 30 දක්වා) උසට වැඩෙන කුඩා ඒකීය, පතනශීලී ගසකි ශාකයකි.ශ්‍රී ලංකාවේ මේවා බිලිං නෙල්ලි, ඇඹුල් නෙල්ලි, මල් නෙල්ලි ආදි තවත් නම් වලින් හඳුන්වනු ලබයි.කලින් පැවසූ ආකාරයට මේව ඇඹුල් කහට රස ඇති පලතුරු විශේෂයකි. තායිලන්තය, ඉන්දියාව, මියෙන්මාරය, දකුණු වියෙට්නාමය, බංගලාදේශය,ලාඕසය, මැලේසියාව ආදි රටවලද මේවා වර්ධනය වේ.

බංගලාදේශය සහ ඉන්දුනීසියාව ආදි රටවල මෙම ගසේ කොළ පිස ආහාරයට ගන්නා බව පැවසේ.පිලිපීනයේ මෙම ගෙඩි විනාකිරි සෑදීමට ගන්නා බවත් සීනි යෙදූ රසකැවිලි ලෙසත් ලුණු දැමූ අච්චාරු ලෙසත් පිළියෙල කරයි. මේ ක්‍රම ශ්‍රී ලංකාවේද ප්‍රචලිතයි. කුඩා ළමුන් රට නෙල්ලි ලුණු මිරිස් දමා අච්චාරු සකසා ආහාරයට ගනිති. රට නෙල්ලි තෙම්පරාදුව ද තවත් රසවත් වෑංජනයකි.

නෙල්ලි ග්‍රෑම් 100 ක් ගතහොත් ඉන් 90 කට ආසන්න ප්‍රමාණයක් ඇත්තේ ගුණයෙන් යුතු ජලයයි. රට නෙල්ලි වල විටමින් සී බහුලය. එමෙන්ම යකඩ, පොස්පරස්, කැල්සියම්, ප්‍රෝටීන ඇතුළු ඛනිජ ලවණ යහමින් අඩංගු ප්‍රති-ඔක්සිකාර වලින් පිරුණු පලතුරු විශේෂයකි.

රට නෙල්ලි ඖෂධීය ගුණයෙන් යුතු පලතුරක් ලෙස ද සැලකේ. මේවායේ ගෙඩි, කොළ, මුල්, ඇට , පොතු ආදිය ඖෂධ සඳහා භාවිතයට ගැනේ. දේශීය වෙදකමේදී මෙම කොටස් ශ්වසන ආබාධ, දියවැඩියාව, සන්ධි රෝග, සමේ රෝග, නිදන්ගත කැස්ස සහ තුවාල ආදී තත්වයන් සුවකිරීමට යොදාගන්නා බව පැවසේ.

රට නෙල්ලි වලින් අපේ සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි මේ අවධානය. 

Serious Toll of Chronic Constipation Overlooked - Gastrointestinal Society

මල බද්ධයට ප්‍රතිකාර කිරීමේදී රට නෙල්ලි  ප්‍රයෝජනවත් යැයි සැලකේ. විටමින් සී බහුල බැවින් රට නෙල්ලි ගෙඩි ආහාරයට ගැනීමෙන් ආහාර දිරවීමේ වාසියක් ඇති අතර මලබද්ධය දුරු කරයි. අනෙකුත් විටමින් සී පලතුරු මෙන් මෙම පලතුර බඩවැල් පවිත්‍ර කරවයි 

රට නෙල්ලි  වල අඩංගු විටමින් සී අපේ සමට හිතකර ප්‍රතිලාභ ලබාදේ. සම දීප්තිමත්, පිරිසිදු හා මෘදු වනු ඇත. විටමින් සී සමේ ගැටලු සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් ඉටු කරයි.  විටමින් සී ඉහළ මට්ටමක පවතින හෙයින් රට නෙල්ලි පරිභෝජනය කරන්න.

රට නෙල්ලි ශරීරය සිහින් කිරීමට උපකාරී වන පලතුරක් බවට පත්වේ. ආහාර ජීර්ණයට හිතකරයි. රට නෙල්ලි වල ඇඹුල් රසයක් ඇති අතර නිතර පරිභෝජනය කරන විට ආමාශය සිහින් වීමටද පුළුවන. එයට හේතුව දිවේ අම්ල (ඇසිඩ්) රසය නිසා ආහාර ජීර්ණයට සහය වීම සහ ආහාර රුචිය තරමක් අඩු වීමයි. මෙය ප්‍රබල බලපෑමක් ඇති දෙයක් නිසා  යම් ප්‍රමාණයකින් ඉඳහිට රට නෙල්ලි ආහාරයට ගැනීමට මතක තබාගන්න.

මෙම පලතුරේ අඩංගු කැල්සියම් සහ යකඩ අස්ථි වල ශක්තිය පවත්වා ගැනීමට සහ සිදුරු ඇතිනොවී පෝෂණය කිරීමට උපකාරී වේ. අස්ථි ශක්තිමත් වේ.

Asthma Signs and Symptoms

රට නෙල්ලි ඇට ඇදුම රෝග සමනය කිරීමට සකසන කසාය වලට භාවිතා කරයි.පිළිකා සුව කිරීමේ ඖෂධ වලට ද රට නෙල්ලි කොළ භාවිතා කරයි

වල ඖෂධීය ගුණ ඇති බව සැලකෙන නිසා අක්මාවේ රුධිර වර්ධනය වීමට ඒවා ආහාරයට ගනියි. රට නෙල්ලි වලින් සකසන සිරප් ආමාශ ආබාධ සඳහාද භාවිතා කරයි. රට නෙල්ලි පොතු වල දුබල විෂ සහිතය. මුල් වලින් සාදාගත් මිශ්‍රණය සමේ කැසිල්ල ඇතුලු වෙනත් සමේ අපහසුතා දුරුකිරීමට බාහිර ආලේපනයක් ලෙස ගල්වයි. රට නෙල්ලි කොළ තැම්බූ වතුර සරම්ප හා පැපොල රෝගීන් නෑවීමට භාවිතා කරයි.