Beauty Tips

අම්ල පිත්ත රෝග සමනය කරන දේශීය ඔසු වර්ග 12 ක්

ගෑස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත රෝගය නිසා වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එනම් මෙම රෝගය ඇතිවීමට මූලිකව බලපානු ලබන්නේ තම ආහාර රටාව පිළිබඳව ඇති නොසැලකිලිමත් භාවයයි.

එනම් නිතර නිතර ආහාර නොගෙන සිටීම මගින්  උදරගත ආම්ලිකතාවය වැඩිවේ. ඉන්  ආමාශයේ ශ්ලේෂ්මල පටක පිළිස්සී දැවිල්ල ඇතිවේ. එසේ නිතර නිතර සිදුවීමෙන් ආම්ලික තාවය වැඩි වී බඩ දැවිල්ල ඇතිවේ. එනම් එය අම්ල පිත්ත රෝගය ලෙස සරලව හැඳින්විය හැකිය.

මෙම රෝගය ඇති වූ විට විවිධ රෝග සංකූලතා ඇති වන අතර එම රෝග ලක්ෂණ හඳුනාගැනීම මගින් එය අම්ලපිත්ත රෝගයද යන්න නිශ්චිතවම හදුනා ගත හැකිය.

  • මලබද්ධය හා අධෝවාත පිටවීම.
  • ආහාර ජීර්ණය නොවීම.
  • ඇඔුල් හා තිත්ත රසයෙන් වමනය ඇතිවීම.
  • ආමාශයේ තුවාල ඇති වීම.
  • හිසරදය
  • සිරුර දුර්වල වීම.
  • මළ දියාරුවට හෝ සෙම් කොටස් සමග පිටවීම.
  • ගුද මාර්ගයේ ඇතිවන දැවිල්ල.මේ ආදී රෝග ලක්ෂණ කිහිපයක් හෝ සියලු රෝග ලක්ෂණ දැක ගත හැකිය.මෙම රෝගය සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ද පවතී. එනම් මේ සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන ස්වභාවික ඖෂධ රැසකි.

01.උඳුපියළිය කැඳ පානය-උදුපියලිය කොළ භාවිතා කොට සකස් කරන කැඳ පානය උදෑසන හිස් බඩට දිනපතා පානය කිරීම මගින් අම්ල පිත්ත රෝගය සුව කරගත හැකිය.

02.කීකිරිදිය-අම්ල පිත්ත රෝගය සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවේ භාවිතා කරන තවත් එක් ඖෂධයක් ලෙස කීකිරිදිය හැඳින්විය හැකිය. එනම් මේ සඳහා කීකිරිඳිය යුෂ තේ හැදි තුනක් පමණ ගෙන කිරි සමග මිශ්‍ර කර දිනපතා උදෑසන හිස්බඩට පානය කිරීම ගුණදායකය.

03.කොත්තමල්ලි.බොහෝ රෝග රැසකට ගුණදෙන කොත්තමල්ලි අම්ල පිත්ත රෝගයට ගුණදායකය. එනම් ඒ සඳහා කබලේ බැද කුඩුකරගත් කොත්තමල්ලි තේ හැන්දක් පමණ රාත්‍රියේදී උණුවතුරට දමා උදෑසන හිස් බඩට පානය කිරීම වඩාත් යෝග්‍යවේ.

04.කෝමාරිකා ඖෂධීය ගුණයෙන් යුතු කෝමාරිකා ශරීරය සිසිල් කිරීමට භාවිතා කළ හැකි තවත් එක්ක ඖෂධයකි. එනම් ගැස්ට්‍රයිටීස් රෝගය සමනය කිරීම සඳහා ද කෝමාරිකා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මෙහි පවතින සිසිල් ගුණය ගෑස්ට්‍රයිටීස් හේතුවෙන් ඇතිවන දැවිල්ල සමනය කිරීම සිදුකරයි. එනම්  මේ සඳහා කෝමාරිකා මදය ගෙන ආහාරයට ගැනීම ගුණදායකය.

05.බාර්ලි අම්ල පිත්ත රෝගය සමනය කිරීම සඳහා බාර්ලි වතුර පානය කිරීම ගුණදායකය.

06.ගොටුකොළ ඖෂධීය ගුණයෙන් අනූන පළා වර්ග අතර ගොටුකොළ වලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ගොටුකොළ භාවිතය අම්ලපිත්ත රෝගීන්ට ද යෝග්‍යවේ. එනම් මේ සඳහා ගොටුකොළ යුෂ ගෙන එයට මී පැණි ස්වල්පයක් දමා උදෑසන හිස් බඩට පානය කිරීම මගින් අම්ල පිත්ත රෝගයට සහනය සලසා ගත හැකිය.

07.බෙලි ආයුර්වේදයේ සඳහන් වන රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බහුලව යොදා ගන්නා බෙලි
අම්ලපිත්ත රෝගය සඳහා ද ඖෂධ ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා බෙලි කොළ තම්බා තේ වෙනුවට පානය කිරීම වඩාත් සුදුසුවේ.

08.මුං ඇට පෝෂ්‍ය පදාර්ථ ගබඩාවකින් යුතු වූ  මුංඇට බොහෝ රෝග සඳහා ගුණ දෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එනම් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ටද මුං ඇට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මුංඇට, සුදුරු ඇට, ඉඟිනි ඇට ආදිය සමව ගෙන කබලේ බැද   තම්බා ගත් වතුර පානය කිරීම මගින් අම්ල පිත්ත රෝගයට සහනය සලසා ගත හැකිය.

09.අත්තික්කා අත්තික්කා බොහෝ රෝග වලට මෙන්ම ගෑස්ට්‍රයිටීස් රෝගය සඳහාද සුදුසුවේ. එනම් අත්තික්කා පොතු චූර්ණය බටර් සමග අනා උදෑසන හිස්බඩට ආහාරයට ගැනීම මගින් අම්ල පිත්ත රෝගය සුව කරගත හැකිය.

10.කස කසා ඇට වර්තමානය වන විට බොහෝ සෙයින් ප්‍රචලිත වී ඇති කස කසා ඇට භාවිතය අම්ලපිත්ත රෝගීන්ටද සුදුසුවේ. එනම් මේ සඳහා කස කසා ඇට රාත්‍රියේදී වතුරට දමා පසුදා උදෑසන හිස්බඩට පානය කිරීම ගුණදායකය.

11.ඉඟුරු අමු ඉඟුරු යුෂ මේස හැන්දක් ගෙන ඊට මී පැණි හැන්දක් පමණ එකතු කර කෑමට පෙර උදේ සවස ආහාරයට ගැනීම මගින් අම්ල පිත්ත රෝගය සමනය කරගත හැකිය. එමෙන්ම මෙමගින් හොඳින් ආහාර ජීර්ණය කිරීම
සිදු කරනු ලැබේ.

මීට අමතරව  සව් කැඳ, කිතුල් කැඳ,ඉරමුසු , හාතාවාරිය අල, අලු පුහුල්, කැකිරි, පිපිඤ්ඤා, පතෝල ,වැටකොළු, කොහිල ,නෙළුම් අල, කෝවක්කා කොළ ,ඉරමුසු ,කරවිල, ලුණුවිල ආදිය ආහාරයට එක්කර ගැනීමද ගුණදායකවේ.මෙම ඖෂධ භාවිතා කිරීමට අමතරව මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, උෂ්ණ ගුණයෙන් යුතු ආහාරපාන භාවිතා කිරීම සිදු නොකළ යුතුය. එනම් එමගින් ප්‍රතිකාරවල නියම ප්‍රතිඵල ලබාගත නොහැකිය.